SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ

සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත.

 

ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කතානායක  මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පැවැත්වුනු අතර මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆීලික්ස් නියුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී ඇත.

 

මේ අවස්ථාවට  නියෝජ්‍ය කතානායක  අජිත් රාජපක්ෂ, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම්  නීතිඥ  කුෂානි රෝහණදීර ඇතුළු පිරිසක්ද  සහභාගි වූහ.