SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර සබඳතා යනු ඒ රජය දෙන ඕනෑම දෙයක් පිළිගැනීම හෝ යටත් වීම නොවෙයි

 

ඉන්දියාවේ සංචාරයක නිරතවූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) පස්වරුවේ දිවයිනට පැමිණියේය.

 

එහිදී ඔහු පැවසුවේ,

"මෙම ජනාධිපතිවරණය ජනාධිපතිවරයාට කල්දැමීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ සඳහා විශාල පිඹිදීමක් සහ බලාපොරොත්තුවක් ජනතාව තුළ තිබෙනවා. ඒ තුළින් විශාල පරිවර්තනයක් ඇතිකර ගැනීම අපේ අපේක්ෂාව. ඊට ජාත්‍යන්තර සහාය අවශ්‍යයයි."

 

‍‘අපිට කවදාවත් ඉන්දියාව හෝ ඉන්දීය ජනතාව සමග ගැටුමක් තිබුණේ නැහැ. අපට තිබුණේ යම් යම් කාල වකවානුවලින් ඉන්දියානු රජයන් පැත්තෙන් ගනු ලැබූ තීරණත් ඒවගේම ශ්‍රී ලංකා රජයන් ඒ සම්බන්ධ ගත් ප්‍රතිචාරත් පමණයි අපේ විවේචනයට භාජනය වුණේ.

 

ජාත්‍යන්තර සබඳතා යනු හැම වෙලාවකම ඒ සබඳතා පිහිටුවාගත්තට පසු ඒ රජය දෙන ඕනෑම දෙයක් පිළිගැනීම හෝ යටත් වීම නොවෙයි.

 

ඒ නිසා හෙටත් ඉන්දියානු රජයේ ආර්ථිකමය හෝ දේශපාලනික වශයෙන් අපේ රටට අහිතකර ක්‍රියාමාර්ග එනවා නම් ඒ ක්‍රියාමාර්ග විවේචනය කරන්නත් ඒවා ප්‍රතික්ෂේප කිරීමටත් සාකච්ඡා කිරීමටත් අපි කිසිසේත්ම පසුබට වන්නේ නැහැ. ජාත්‍යන්තර සම්බන්ධතා යනු ඒකම තමයි.

 

තව රාජ්‍යයක් විසින් අපේ රටට එල්ල කරන මුළු න්‍යායපත්‍රයටම යටත් වීම නොවෙයි විය යුත්තේ. සාකච්ඡාව එකඟවීම හා එකඟ නොවීම ඒ තුළ තිබෙන්නේ’

 

ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සිය සංචාරය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම්දෙන බවය.

 

එහිදී තවදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න...