SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (09) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් රැස් කළේ ය.

 

එහි දී පැතුම් නිස්සංක වාර්තා කළ ද්විත්ව ශතකය වාර්තා අතරට එක් වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වාර්තා වූ පළමු ද්විත්ව ශතකය ලෙසයි.

 

pathum

 

ඒ අනුව ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විය.

 

සනත් ජයසූරිය 2000 වසරේ සාජාහිදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 189 මීට පර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ඉහළම ලකුණු ලෙස පැවතුණි. 

 

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ මොහොමඩ් නබී පන්දු 136කින් ලකුණු 130ක් රැස් කළේ ය.

ඔහුට අනගි සහායක් ලබා දුන් අස්මතුල්ලා ඔමාසායි ද ඇෆ්ගනිතානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 149ක් රැස් කළේ ය.