SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1952 වන විට ටාසන්, පැන්ටම් වැනි බටහිර ජනප්‍රිය චිත්‍රකතා සිංහලෙන් පළ කිරීම අරම්භ කළ දිනමිණ පුවත්පත මුල්වරට ස්වතන්ත්‍ර චිත්‍රකතා පළකරන්නට පටන් ගත්තේ 1954 වර්ෂයේදී ය.

ඒ චිත්‍රා නම් චිත්‍රකතාවයි. චිත්‍ර ශිල්පියා වූයේ එවක 18 හැවිරිදි වියේ සිටි තලංගම ජයසිංහ ය.

 

1936 ජූලි 05 වෙනිදා උපන් තලංගම ජයසිංහ අධ්‍යාපන ලද්දේ දකුණු තලංගම විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු හෙතෙම රජයේ කලායතනයෙන් පස් අවුරුදු චිත්‍ර පාඨමාලාව හදාරා 1957 දී ලේක්හවුස් ආයතනයට බැදුණේය. එහිදී ඔහු ඇටසැකිල්ල නම් සිය දෙවන චිත්‍රකතාව සිඵමිණ පුවත්පත සඳහා නිර්මාණය කළේය.

 

thalangama4

 

එතැන් පටන් ඔහු එම පුවත්පත සඳහා නිර්මාණය කල චිත්‍රකතා අතර 'මිනිස් දඩයම', 'පණට පණ', 'මා ආලය කළ තරුණිය', 'ව්‍යාඝ්‍රයෝ' ආදිය වෙයි. ලේක්හවුස් ආයතනයේ සෙසු ප්‍රකාශන වන දිනමිණ, ජනතා, තරුණී, නවයුගය, සරසවිය සතුට හා මධුර සහ මල්ටි ෆැක්ස් ආයතනයේ සිත්තර යන පත්‍රවලටද ඔහු විසින් කළ චිත්‍රකතා රැසකි. මධුර චිත්‍රකතා පත්තරයේ කතුවරයා ලෙස වසර 18 ක කාලයක් කටයුතු කළේය.

 

ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාදීප පුවත්පතට 'එතුමා' සහ 'පලා මල්ල' දේශපාලන විකට චිත්‍ර නිර්මාණය කළේය. ඔහුගේ පොත් වශයෙන් පළවූ චිත්‍රකතා අතර 'ඇටසැකිල්ල', 'මිනිස් දඩයම', 'මා ආලය කළ තරුණිය', 'පණට පණ', 'ව්‍යාඝ්‍රයෝ', 'යකඩ ගෑනී' 'එතුමා', සහ 'පලාමල්ල' වෙයි.

 

thalangama3

 

ඔහු හැට වසරකට අධික තම කලා දිවි‌ය තුළ සිංහල චිත්‍රකතාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක නිරත වූවෙකි.

 

 

@Now Showing