SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ ජනාධිපතිතුමාගේ නාටකයක් තිබුනා. අයවැයේදී සහ නිදහස් දිනයේදී කියපු දේවල්ම නැවැත කියලා නැගිටලා ගියා.

ජනාධිපතිතුමාගේ සම්පූර්ණ කතාවෙන් කියවෙන්නේ ආර්ථික ප්‍රශ්න වලට දේශපාලන විසදුම් නෑ කියන එකයි.

 

ජනාධිපතිතුමාගේ කතාවල ආර්ථික යෝජනා නෑ, අපනයනය වැඩි කරගන්න ක්‍රමයක් එයාට නෑ.

ජනාධිපතිතුමා මෙතෙක් කරලා තිබෙන්නේම ආර්ථික ප්‍රශ්න වලට දේශපාලන විසදුම් සෙවීමයි.

ඒ නිසයි ප්‍රශ්නයට විසදුම් නැත්තේ.

 

නිදහස ජනතා සභාවෙන් පසුගියදා සමගි ජන බලවේගයට එක්වන බව කියූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මේ බව ප්‍රකාශ කළේ අද(08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

“ප්‍රශ්නයට හේතුව ණය, නමුත් ජනාධිපතිතුමාගේ විසදුම වෙලා තිබෙන්නෙත් ණය, ඒක එහෙම වෙන්න බෑ. ජනාධිපතිතුමා කියන්නේ එකතු වෙන්න කියලයි.නමුත් එකතු වෙලා කරන්නේ මොකක්ද කියලා අපි අහනවා.

ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනත් කිව්වේ සමාජ මාධ්‍ය නියාමනය කරනවා කියලයි.නමුත් ඒකෙන් උනේ මර්ධනය හා වාරණය වීමයි.ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා.අවශ්‍ය සංශෝධන නොකර බලහත්කාරයෙන් සම්මත කරගත්තා.

සාමකාමී උද්ඝෝෂණ වලට පහර දිදී විපක්ෂයේ අයට කියනව එයාලට එකතු වෙන්නලු.එකතු වෙන්න කිව්වට කරලා තිබෙන්නේ විරුද්ධ පක්ෂය මර්ධනය කිරීමයි.අඩුම තරමේ විපක්ෂයේ අයට විමධ්‍යගත මුදල් වත් දීලා නෑ.

 

ජනාධිපතිතුමා කරන්නේ කටින් බතල සිටුවීමයි.

 

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ හරියට ලොරියේ බුදුසරණයි කියලා ගහගෙන හොර හරක් ඇදීම වගේ වැඩක්.

ඉදිරියේදී තව පනත් එනවා.ත්‍රස්තවාදී පනත භයාණකයි.මේවා ගෙනාවාම ඉන්න වෙන්නේ කට වහගෙන.යස් සර් යස් සර් කිය කිය තමයි ඉන්න වෙන්නේ.

ජනාධිපතිතුමා මේ එන්නේ හොද වැඩකට නෙවෙයි.

 

ජනාධිපතිතුමාගේ නාට්‍යය ලෝකයට පරකාශේ ගෙදරට මරගාතේ.

 

ජනාධිපතිතුමා මැතිවරණයට තිබෙන බය නිසා හැසිරෙන්නේ මැතිවරණ ටික හකුලාගන්නේ කෙසේද යන්න සැලැසුම් කිරීමට සැරසෙන්නේ..

ජනාධිපතිතුමා කලේ ආණ්ඩු විරෝධීන් බෙදීමයි. අපිත් ඒ උගුලට අහු උනා.

 

අපිත් උත්සාහ කලේ සියලු පක්ෂ එකතු එකතු කරන්නයි.

නමුත් හදන අලුත් සන්ධානය පිලිබදව සහ තනතුරු පිලිබදව මත ගැටුමක් නිසා අපේ කණ්ඩායම් බෙදුනා.

රටේ වගේම අපේ පාර්ලිමේන්තුව  තුලත් අවලෝකේතීශ්වර ලා ඉන්නවා.

ඒක ලෙඩක්.එයාලා හිතනවා මම තමයි ජනාධිපති වෙන්න ඕන මම තමයි ඔක්කොම දන්නෙ කියලා, ඒ නිසයි ප්‍රශ්න මතු උනේ.

 

ඔව් නිදහස ජනතා සභාවේත් අවලෝකතීස්වර කෙනෙක් ඉන්නවා.

 

ප්‍රශ්නය - නිදහස ජනතා සභාවේ මීලග ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාද ?

 

ඔව් ඇත්තෙන්ම

ඔව් අපෙ සමහර විරුද්ධ පක්ෂයේ හිටපු අය හිටියා විරුද්ධ පක්ෂයේ හිටියට සහය දුන්නේ ආණ්ඩුවට.

 

ඩලස් අලහප්පෙරුම මහතාට ආණ්ඩුව එක්ක ඩීල් එකක් නෑ කියලා මම දන්නවා.

මට ඊයේ කුමාර වෙල්ගම මහතා කතා කලා. එතුමා ඉන්නේ චන්ද්‍රිකා මැතිනිය එක්ක,

ඔව් මම කිව්වා අපි සාකච්ඡා කරමු කියලා.

 

ජවිපේ ඉන්දීය සංචාරය මම දකින්නේ ධනාත්මකවයි.

ඉන්දියාව කියන්නේ අත්‍යාවශ්‍ය සාධකයක්".