SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන මාර්තුවේදී පොහොට්ටු පක්ෂය රනිල් හැර යෑමට තීරණය කර තිබෙනවා ලු.

මේ ආරංචිය වාර්තා වන්නේ පොහොට්ටු ප්‍රධානීන්ගේ  අභ්‍යන්තර සාකච්ඡාවකින් ය.

 

සිදු වෙමින් යන දේශපාලන සිදුවීම් අත්අඩංගුවට ගැනීම්, මියයෑම් මෙන් ම, බදු බර සහිත  ජීවන අරගලයට උරදිය නොහැකිව පොදු රටවැසියාගෙන් එල්ලවන සියළුම කුණු රනිල් උන්නැහේ පිට තබා රනිල්ගෙන් ඉවත්වීම ඔවුන්ගේ අරමුණලු.

 

මේ වග දැන් දැන් ජනාධිපති  රනිල් වික්‍රමසිංහගේද කණට ද යන්තමට වැටිලා ය.

 

අලි මදිවාට හරක් කිව්වා සේ ඒ එක්කම මාර්තුවේදී රනිල් උන්නැහේ සහ යූඇන්පීය විසින්  පෞද්ගලිකවම කරන ලද සමීක්ෂන වාර්තාවද එනවාලු ය.

ඒ වාර්තාවට අදාළව දැනටමත් දළ අදහසක් ලැබී තිබෙනවාලු. තත්වය බරපතල ලුය.

 

වාර්තාව ආ සැනින් ලැබෙන ප්‍රතිපලය මත කරන්නට යන දේ ගැනත්  Pure Gossip වෙත වාර්තා වෙනවා ය.

 

පොහොට්ටුව ගන්න ඉන්නා තීරණය මෙන්ම, සමීක්ෂනයේ ප්‍රතිඵලත් අවුල්ව ඇති නිසා රනිල්  උන්නැහේගේ වටේ ඉන්න පිරිසටවත් ගොඩයෑමට  හැකි ලෙස  මාර්තුවේ පාර්ලිමේන්තුව විසිරවීම දැන් නම් පොල් ෂුවර් යැයි කියා විපක්ෂයද පාරම් බානවා ය.

 

මේ දවස්වල හරියටම කපටි නරියාගේ මානසික තත්වය නොපෙනුනාට වටේ පිරිසගේ වෙනස නම් සියල්ල සටහන් කෙරෙන පින්තූරයක් වැනි ය. සමහරු ගොලුවන් බිහිරන් සේ ය. බලාගත් අත බලාගෙන ය.

අපි නම් ගොසිප් උනත් නිවුස් එකක් වගේ ඒක වේලාසනම කිව්වේ ය.

 

කොහොම උනත් අරගලයට පෙර කලකට පසු රනිල් ලොක්කා පාර්ලිමේන්තුවට පැමිණ හරි හරියට විපක්ෂයේ සිට දැමූ වර්ණ සියල්ල අරගලයෙන් පසු ලබාගත් පිං තනතුර නිසා සේදී ගියේය.

 

තවමත් උන්නැහේත් උන්නැහේගෙන් ඇත්ත මහපොලොව හංගන වටේ ඉන්න අනුගාමික උන්නැහෙලාත්  හිතන්නේ රනිල් ලොක්කා මෙම තනතුර බාරගත් නිසා ලංකාව රැකුනා කියා ය.

රැකුණේ ලංකාව නොව තමා නියෝජනය කරන ප්‍රභූ දේශපාලනය බව ඔහුට වැටහෙන්නේ නැතිලු  ය.

ඒ රැකගත්  ප්‍රභූන් ලබන මාසේ ඔහු හැරයන්නට සූදානම් ය.

 

 

හනේ අපොයි සංසාරේ....

කපටි නරියා ගේ වැඩ ගැන හාංකවිසියක දෙයක් නොදන්නා මැංගොහාමි උපාසක අම්මා කීවා ය.

 

#Gossip

නවතම ලිපි