SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ එජාප ප්‍රාදේශීය මංත්‍රිනී කේ.එච් උදේනිකා දමයන්ති විසින් කාළයක් පුරාවට කරගෙන ගොස් තිබූ මූල්‍ය වංචාවක සුළ මුල හෙලිවී එය සමාජ හා වෙබ් මාධ්‍ය හරහා හෙළිදරව් කෙරිනි.

කෙසේ නමුත් වංචාකාර එජාප මංත්‍රිනී උදේනිකා අබ්දූල් කළාම් ආයතනයේ දිස්ත්‍රික් 25ම බලපැවැත්වෙන විධායක නිලධාරීනියක් ලෙස කටයුතු කරමින් මෙසේ අහිංසක ගොවි ජනතාව රවටා ඇති බව මේ වනවිට වාර්තා වී ඇත.

 

කීර්තිමත් රාජ්‍ය සේවකයකු දේශකයකු වූ එස්.ආර්.එඩ්වර්ඩ්ගේ නමත් අවභාවිතා කරලා…!

 

ලෝක සහයෝගීතා සමුළුව ලෙස සංවිධානයක් අටවාගනිමින් මෙකී වංචාකාර එජාප මංත්‍රිනී උදේනිකා දමයන්ති විසින් S.R. එඩ්වර්ඩ් මහතාගේ නම හා ලිපිනය කිසිඳු අණුදැනුමකින් තොරව ලභාගෙන එකී තොරතුරු ඇතුලත් කොට මුදල් භාරගත් බවට ලිපි සාදා ඊට ව්‍යාජ ලෙස S.R.එඩ්වර්ඩ් ගේ අත්සන යොදා තිබීමයි. අප විසින් කළ හෙළිදරව්වක් නිසා සිදුවීමට නියමිතව තිබූ මහා පරිමාණ මූල්‍ය වංචාවන් කීපයක් ව්‍යර්ථ වී ඇත..

 

letter edwad

 

අප කළ විමසීමකදී එස් අර් එඩ්වර්ඩ් මහතා උපැවසූයේ මේ පිළිබඳ කිසිවක් ඔහු නොදන්නා බවත්, තමන් සාමාන්‍යයෙන් භාවිතා කරන අත්සන සිංහලෙන් යොදන බවත්, ගුවන් ගමන් බලපත්‍රයේ හා බැංකු පාස් පොත් වල පවා සුපුරුදු අත්සන යොදා ඇති බවත්ය.

 

තවදුරටත් ඔහු පැවසූයේ, ෆාදර් අනුර යන පුද්ගලයකු හරහා ඇය හඳුනාගත් බවත්, ඒ ඇයගේ ස්වාමියාගේ අධ්‍යාපන සහතික කීපයක් කඩිනමින් ලභාගැනීමට උදව් ඉල්ලා සිටිබවත්, ෆාදර් අනුරගේ ඉල්ලීම නිසා එකී උපකාරය සිදුකළ බවත්ය , තවද ඔහුගෙනුත් රුපියල් 20000ක මුදලක් ලභාගෙන ඇත්තේ කොළඹට පැමිණිමේදී තමාගේ මුදල් පසුම්බිය අස්තාන ගත වූ බවත් එනිසාවෙන් හදිසි උපකාරයක් ලෙස සළකා මුදල් ඉල්ලා ඇත.

 

පසුව ඔහු විසින් අදාල මුදල කීප විටක් ඉල්ලා ඇති අතර පසුව, අළුත් සහල් ටිකක් ඇති බවත් එය ලබාදීමට අවශ්‍ය බැවින් හමුවීමට අවස්තාවක් ඉල්ලා ඇත. එහිදී එස් ආර් එඩ්වර්ඩ් මහතා පවසා ඇත්තේ, හමුවීමට අවශ්‍යතාවක් නැති බවය. දිගින් දිගටම දැඩි ඉල්ලීම් කරමින් කියා තිබුනේ “ අඩුම තරමෙ සර් කරපු උදව්වට මේ අළුත් සහල් ටික භාරගන්න මුදල් ටික ඉතා ඉක්මනින් දෙනබවත් ය. පසුව දිගින් දිගට කළ ප්‍රයත්නය නිසා ඔහු විසින් පවසා ඇත්තේ සහල් ටික කෝච්චියට දමන ලෙසය.

 

තවද අප කළ දීර්ඝ කළ සාකච්ඡාවට අනුව එස් ආර් එඩ්වර්ඩ් මහතා පවසන්නේ ඔහුගේ ලිපිනය ලබාගැනීම පිණිස ඔහු මුණ ගැසීමට තැත් කරන්නට ඇති බවත්,අනතුරුව අළුත් සහල් ටිකක් ලබාදෙන මුවාවෙන් තමන්ගේ ලිපිනය ලබාගත් බවත්ය .

 

වින්දිතයින්ගෙන් වත්මන් පාලනයට හා පොලීසියට චෝදනා…….!

 

එජාප මංත්‍රිනී කේ එච්  උදේනිකා මෙසේ විළිලජ්ජා රහිතව, රටේ නීති රීති තඹ සතේකට මායිම් නොකොට මෙසේ ජනතාව රවටා මුදල් ගසා කන්නේ කාගේ අනුහසින්දැයි යන්න උභතෝකෝටිකයක් බව කිව යුතු ය. මක්නිසාදයත් අදාළ වින්දිතයින් මේ පිළිබඳව තංගල්ල අපරාධ මූල්‍ය විමර්ශන ඒකකයේ පැමිණිලි කොට ඇතත්, කුසගින්නට ගත් පාන්ගෙඩියටත් පැය විසිහතරක් ඇතුලත පොලිසිය ක්‍රියාත්මක වී අදාළ පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නා පසුබිමක, අල්ලපු වත්තේ පොල්ගසක් යටින් පොල්ගෙඩි පහක් ඇහිඳගනිමින් තම පොත් මිළදීගන්නට ගිය කුඩා දරුවෙකුටත් අදාළ නීතිය ක්ෂනිකවම ක්‍රියාත්මක කළ සමාජයක ගොවිජනතාව මිලියන ගණනින් වංචාකළ කූඨ මූල්‍ය වංචාවක් සිදුකළ  එජාප මංත්‍රිනී කේ. එච්. උදේනිකා තවමත් නිදැල්ලේ පසුවන බැවිනි. එසේම ඇය සේවය කරන අබ්දූල් කලාම් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ කරුණාකරන් ඇතුළු පිරිස  මේ පිළිබඳව ක්‍රියාකරන ආකාරය ය.

 

WhatsApp Image 2024 02 06 at 15.23.58WhatsApp Image 2024 02 06 at 15.37.49 1

 

 

මෙම මූල්‍ය වංචාව ට්‍රැක්ටර් රථ හා ගොවි උපකරණ ලබාදෙන මුවාවෙන් සිදු කළද අබ්දූල් කළාම් ආයතනයේ සාමාජිකත්වය,හැදුනුම් පතක් හා ප්‍රචාරක නාම පුවරුවක් වෙනුවෙන් රුපියල් 3500.00 බැගින් දිවයින පුරා විසිරී සිටින ගොවීන්ගෙන් ලබාගෙන ඇත්තේ එහි සභාපති කරුණාකරන් ශිවා හා එක්ව යැයි වින්දිත ගොවීන් විසින් චෝදනා කෙරේ… කෙසේ නමුත් එකී චෝදනා සනාථ කෙරෙන සාක්ෂි, හඬපට හා තවත් තොරතුරු අප සතුව ඇත.

 

බොහෝ වින්දිතයින් පවසන්නේ ඇය ප්‍රාදේශීය මංත්‍රීවරියක් උවත්, වත්මන් පාලනයේ අනුහසින් නිරුපද්‍රිතව සිටින බවත් පසුගිය දිනක පැවති අබ්දූල් කළාම් රහස් විධායක රැස්වීමේ දී  ඇය විසින් ජනපතිට යැවූ ලිපියක් පෙන්වමින් තමන්ට පක්ෂයේ ආශිර්වාදය ඇති බව කියා ඇති බවත් ය.

 

WhatsApp Image 2024 02 06 at 15.37.49

 

එමෙන්ම මේසා විශාල සාක්ෂි ගොන්නක් තිබියදී ආසන්න වශයෙන් රුපියල් මිලියන 5කට ආසන්න මූල්‍ය වංචාවක් සිදුකළ වංචාකාර කේ.එච් උදේනිකා දමයන්ති නම් එජාප ප්‍රාදේශීය මංත්‍රීවරිය තවමත් ගොවි ජනතාවට පාරම් බාමින් පවසනුයේ තමා වංචාකාරියක් නොවන බවත්, ඇයට විරුද්ධව ක්‍රියා කරන සියල්ලන්‍ටම දඬුවම් ලබාදෙන වවත් ය. එසේම වින්දිතයින් විසින් මුදල් ඉල්ලා සිටින විටදී ඇය විසින් වස පානය කොට සියදිව් හානිකරගන්නා බවට තර්ජනය කොට ඇත.

 

කෙසේ නමුත් මෙසේ වංචාකර තිබියදීත් ඇය හා ඊට සම්බන්ධ පිරිස නීතියේ රැහැනට කොටු නොවීම සම්බන්ධයෙන් අදාළ වින්දිතයින් දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

 

@ සුමුදු මද්දුමාරච්ච්

    (මිලානෝ, ඉතාලිය)