SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග දන්වා සිටියි.

 

පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනයට එහි විධායක කමිටු  රැස්වීමේදී මේ තීරණයට ගෙන ඇත.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ, අනුර යාපා කණ්ඩායම, නිමල් ලන්සා සන්දානය, නිදහස ජනතා සභාවේ ඩලස්, චරිත පාර්ශ්වය, සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ට නායකයින් කිහිප දෙනෙකුත්  ඇතුළු ව පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට සූදානම්ව ඇත.

 

මෙම පුළුල් සන්දානයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ  ලංකාව මේ වනවිට මුහුණ දී ඇති අර්බූධය නිසි ලෙස තේරුම් ගෙන වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට හැකි පුද්ගලයෙකු බව හිටපු ජනාධිපතිනියගේ අදහස වී ඇති බව වාර්තා වේ.

 

පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවනු ඇතැයි කියැවේ..

 

පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කර ඇති අතර එහිදී  පක්ෂයේ ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග  වැඩිදුරටත් පවසයි.

 

මේ අතර එළැඹෙන 14 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක විසින් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්දානය කෙබඳු වියයුතුද යන්න පිළිබඳව සහ ඒ සඳහා වන පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

 

මෙම අවස්ථාව සඳහා ශ්‍රිලනිපය ඇතුළු සන්ධානගතවන දේශපාලන පක්ෂ කණ්ඩායම්ද සහභාගී වන අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංලද ඒ සඳහා එක්වන බව පක්ෂ ආරංචිමාර්ග දන්වා සිටියි.