SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී  ලංකාවේ චීන තානාතිපති Qi Zhenhong සහ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ

නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇත.

 

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඒ පිලිබඳව පවසන්නේ, “අප අතර අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ නැංවූ ඵලදායි කථිකාවක්” වූ බවය.

 

එහි දී දෙරට අතර ද්වීපාර්ශ්ශ්වික සම්බන්ධතා වැඩිදියුනු කරගැනීම, ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම, චීන රජයේ සහභාගිත්වයෙන් සිදු කල හැකි අනාගත ආයෝජන, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පරිසරය පිලිබඳව මෙන්ම ජාත්‍යන්තර දේශපාලන තත්වයන් පිළිබඳව පුළුල්ව සහ විවෘතවම දෙපාර්ශවය විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් වූ බව සඳහන්.

 

නිදහස ජනතා සභාවේ පරිපාලන ලේකම් නීතීඥ ලලිත් පියුම් පෙරේරා ද ඊට එක්වී ඇත.