SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් අද (07) දින පාර්ලිමේන්තු සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට

සහභාගී නොවීමට කෙහෙළිය රඹුක්වැල්ල විසින් තීන්දුකර ඇති බව වාර්තා වෙයි.


බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

කෙසේවුවද අනිකුත් දිනවල පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගී නොවන බව ඔහු පවසා නොමැති බවද වාර්තා වන අතර මෙම ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති රනිල්ට එරෙහි වීමක් විය හැකි බව විචාරකයින්ගේ මතය වී ඇත.

කෙසේ වුවද රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමේ අවස්ථාවට සහභාගී කරවන ලෙස කථානායකවරයා ඊයේ  බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාරගත වූ අවස්ථාවල ඔවුන් පාර්ලිමේන්තුවේ කටයුතු වලට සහභාගී කරවීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ය.