SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන උපක්‍රම කිහිපයක්ම යොදාගනිමින්

එළැඹෙන මැතිවරණය තමාට වාසි සහගත වන ආකාරයෙන් හැසිරවීමට උත්සාහයන් කිහිපයක්ම ගත්තලු.

 

ඒවායින් එක් උපක්‍රමයක් වී තිබුණේ සාධාරණ සමාජයක් උදෙසා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති කරූ ජයසූරිය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව යළි කරලියට ගෙන ඒමය.

 

එහෙත් එම යෝජනාව සංවිධානයේ සියලු දෙනා එකහෙළා පිලිගත්තද මේ මොහොතේ මෙවැනි යෝජනාවක් ගෙන එමින් රනිල් වික්‍රමසිංහගේ ඇජෙන්ඩා එක ඉදිරිපත් නොකළ යුතු බවට සභාපති කරූ ජයසූරිය වෙත සංවිධානයේ සෙසු සාමාජිකත්වයන් විසින්  විරුද්ධත්වය ප්‍රකාශ කළාලු.

මේ නිසා  වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එම උපක්‍රමය අසාර්ථක උනාලු, අන්තිමේදී ජනාධිපතිවරණයක් තියෙන්න යන වෙලාවක  එම සටන් පාඨය උස්සන්නේ නැති බවට සාධාරණ සමාජයක් රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති කරූ ජයසූරිය එකඟ වුනාලු.

 

ඊට පස්සෙ වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුව පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා උත්සාහ කලත් නාමල් ඇතුළු පිරිසකගේ නොකැමැත්ත මත ඒ උපක්‍රමයද ගිලිහී ගියාලු. මුල ඉඳලම බලාපොරොත්තු වූ සමගි ජන බලවේගයේ කොටසක් කඩාගැනීමටද ඔහුට නොහැකි වී ඇතැයි පැවැසේ.

 

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවසන් උපක්‍රමය වී ඇත්තේ  මාර්තු මාසයේ මුල දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමලු.

ජනාධිපති රනිල් හිතන්නේ එවිට රනිල් වටා සජබයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැස්වේය කියා ලු.

 

නමුත් එවැනි තත්වයක් ප්‍රකාශයට පත්වූ සැනින් සිදුවන්නේ යම් විචිකිච්ඡාවකින් පසුවන සජබය ඇතුළු අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරයෙක් වේ නම් ඔවුන් තම මන්ත්‍රී අසුන රැකගැනීම වෙනුවෙන් තමා සිටි පක්ෂයේම නැවත ගල් වීම බව විචාරක අදහස ය.

 

ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ අවසන් උපක්‍රමයත් කුජීත වෙයිලු.

 

 

අනුරගෙන් පසු තවත් පක්ෂ නායකයින් දෙදෙනෙක් ඉන්දියාවට...

 

g a

 

ජාජබයේ නායක අනුර කුමාර දිසානායකට ඉන්දියාවේ  රජය විසින් සාකච්ඡාවකට ඇරයුම් කර තිබීම ගැන ලොකු හාහෝවක් ඇවිලිලා. කොහොම උනත් ජාජබය සමග චීනය මීට පෙර රහස් සාකච්ඡාවක නිරත වූ බවටත් තවත් පිරිසක් හෙළිදරව් කර  තිබුණා.

 

ඉන්දියාව පැත්තෙන් ගත්විට ලංකාවේ සෑම මැතිවරණ මොහොතකම කලාපීය දේශපාලනයේ බලවතා වූ  ඉන්දියාව තමා සමග සාකච්ඡාවකට ජනප්‍රියතාවක් සහිත නායකයින්ට ආරාධනා කිරීම සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික තත්වයක් ලු.  ඒක කියන්නෙ විදේශ සේවයේ නිරත නිළධාරියෙක් ය.

 

ඉදිරිකාලයේදී තවත් නායකයින් දෙදෙනෙකුට ඊට ඇරයුම් කෙරෙනවලු, ඒ අතර සම්ප්‍රධායික නොවන නායකයෙකුත් ඉන්නවාලු.

 

පහුගිය කාලවල සජිත් ප්‍රේමදාසටත් ඉන්දියාව මේ විදිහටම ආරාධනය කරල  තිබුණත්  සජිත්  සාමාන්‍යයෙන් කිසිදු රාජ්‍යතාන්ත්‍රික සවාරියකට යෑමට කමැති නැතිලු , ඒ වගේම එවැනි කාර්යයක් වෙනුවෙන් ඔහු මෙතෙක්  රටින් පිටව ගිහිල්ලත් නැතිලු.

 

 

නාමල් ආයෙමත් (අ)නාගෙන....

 

g n

 

පහුගියදා තම පියා මෙන්වූ උඩු රැවුලක් වවාගත් නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ  මන්ත්‍රී කණ්ඩායමක් එක්කරගෙන වැඩක් කරන්නට ඔන්න කට්ටියට පණිවුඩ යැව්වලු.

 

කණ්ඩායම 40ක්ලු.

වැඩේ කියන්නෙ නාමල්ගෙ පණිවුඩේට ඇවිත් තිබුණෙ බිංදුව කපල හතරක් විතරලු.

ඒ තිස්සකුට්ටි හා  රෝහිත ඇතුලත්ව ලු.

මොනව කලත් මේ දවස්වල නාමල් ගන්න ගන්න පියවරට කිසිදු  සුදුසු ප්‍රතිචාරයක් පොහොට්ටුව ඇතුලෙන් එන්නෙ නැතිලු.

කට්ටිය නම් කියන්නේ නාමල් ආයෙත් අනාගෙන කියලලු.

 

 

නිදහසේ ජී ඇල් පාර්ශ්වය 08 වෙනිදා ස්ථිරවම සජබයට යයි..

 

g d

 

පොහොට්ටුවෙන් ඉවත් වූ ඩලස් අලහප්පෙරුම ප්‍රධාන ලංකා පාර්ලිමේන්තුවේ බුද්ධිමත් මන්ත්‍රීවරුන් පිරිසක් ගොඩනගාගත් නිදහස ජනතා සන්දානය මේ වනවිට දෙකඩ වී ඇති බව නොරහසක්.

කොහොම උනත්  නිදහස සන්දානය දෙකඩ වී තිබුණත්  තවමත් ඔවුන් එකම ස්ථානය බෙදා ගනිමින් තම මාධ්‍ය සාකච්ඡා මෙන්ම දේශපාලන සාකච්ඡාවන්ද පවත්වනවාලු.

 

ඒ අතරෙ ඔන්න මේ දෙකඩ වෙච්ච කණඩායමෙන් ජීඇල් පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර,යන මන්ත්‍රීවරුන් මේ මාසෙ 08 වෙනිදට සමගි ජන බලවේගයට නිශ්චිතවම එක් වෙනව කියල රාවයක් පැතිරෙනවා.

 

මේවයෙ ඇත්ත බොරු මොනව උනත් ගින්නක් නැතිව දුමක් නගින්නෙත් නැතිලු නේ.

 

#Gossip