SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඊට අදාළ අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇත.

 

ඒ අනුව ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගතහොත් පරිසර අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතට පත්වනු ඇත.

 

ආන්දෝලනාත්මක මානව  ප‍්‍රතිදේහ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙලිය රඹුක්වැල්ල එළැඹෙන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

 

මේ වන විට ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ට ඇති රෝගී තත්ත්වයන් සඳහා සිංගප්පූරුවෙන් ගෙන්වන ලද ඖෂධ ඉල්ලා ඇති  බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

 

අමාත්‍යවරයා සෞඛ්‍ය ඇමති ධුරය දරද්දී ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ භාවිතා කිරීම ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටින බවද සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පසුගිය දින පවසා ඇත.

එමෙන්ම බන්ධනාගාර රෝහලේ පහසුකම් මදි බව පවසමින් පෞද්ගලික රෝහලකට යාමටද අමාත්‍යවරයා ඉල්ලා ඇතැයිද හෙතෙම පැවසීය.

 

කෙසේ වුවත් බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මේ වනවිට බන්ධනාගාර රෝහලේ රඳවා ඇති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට තම නිවසෙන් ආහාර ලබා ගැනීමට අවසර ලබා දී ඇති බවයි.

 

ඒ ඔහු බන්ධනාගාරයෙන් කරන ලද ඉල්ලීමට වෛද්‍ය අනුමැතිය ලැබීම මතය.