SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල

ඔහු දැනට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇති බව වාර්තාවෙයි.

 

තහවුරු නොකළ රජයේ ආරංචි බව මාර්ග මේ බව කියා සිටී.

 

බන්ධනාගාර ගතව සිටින පුද්ගලයකු තවදුරටත් කැබිනට් මණ්ඩයේ තබා ගැනීමෙන් ගැටලු මතුවී ඇති නිසා මෙම පියවර ගනු ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර රජයේ මුදල් අවභාවිතය ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇති රඹුක්වැල්ල අමාත්‍යවරයා  වහාම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලා ඇත.

 

කැබිනට් මණ්ඩලයේ තවදුරටත් ඔහු තබාගතහොත් ඉදිරි විමර්ශන වලට බාධා එල්ල විය හැකි බවත් එවන් පුද්ගලයකු කැබිනට් මණ්ඩයේ තබාගතහොත් ජාත්‍යන්තරයේ පවා මෙරට කැබිනට් මණ්ඩලය කෙරෙහි අප්‍රසාදයක් ඇති විය හැකි බවත් එහි සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

 

 

බැසිල් පිට දමා කෙහෙළිය ඇඟ බේරා ගැනීමේ සටනක..

 

basil with keheli

 

මේ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි. ඒ, ප‍්‍රශ්ණගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණවලට අදාලව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමිනි.

 

‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබා දුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ’

 

 

@මූලාශ්‍ර cnews