SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අබ්දූල් කළාම්  අනුස්මරණ පදනමේ විධායක තණතුරක් දරන කේ එච් උදේනිකා දමයන්ති නැමැති  

එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව ප්‍රාදේශීය සභා මංත්‍රිවරියක් විසින් කරන ලද මූල්‍ය ගනුදෙනුවක් පිළිබඳව මාධ්‍ය වාර්තා මගින් පසුගිය කාලය තුළ හෙළිදරව්වක් කර ඇත.

 

මෙම මූල්‍ය වංචා සිදු කිරීම සඳහා වෙනත් පුද්ගලයින්ගේ අත්සන් නිවෙස් ලිපිනයන් මගින්  කූට ලේඛන සකස් කිරීමක් ගැනද එහිදී  සාක්ෂි සටහන් සහිතව හෙළිදරව් කර ඇත.

 

මේ කියන්නට යන්නේ ඒ ගැන තවත් ආරංචියකි.

 

අබ්දූල් කලාම් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ නියෝජිත ලෙස කටයුතු කරනවා යැයි කියන්නේ කරුණාදරන් නැමැත්තෙකි. ඔහු පසුගිය දිනයක රහසේම විධායක  සභාවයැයි කියා ගන්නා තවත් ඔහුගේ පිරිසක් හා හදිසි රැස්වීමක් කැඳවලා ලු.…මෙහිදී  අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිවෙකුට ජංගම දුරකතනය  රැස්වීම් ශාලාවට ගෙනයෑම තහනම් කරලලු. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු සිදුවීම් නිසා  සභාපති කරුණාකරන් එම තීරණය අරගෙනලු..

 

සහභාගී වූ පිරිස් අතර මෙම මූල්‍ය වංචාවට විරුද්ධව ක්‍රියා කරන පිරිස් කියන්නෙ,  උදේනිකා නැමැත්තිය විසින්  කරන සෑම වංචාවක්ම සභාපති කරුණාදරන්  දන්නා බවත්, සභාපතිට වියදම් කරන්නේ උදේනිකා නැමැත්තිය  බවත්‍ ය… පසුගිය දිනයක සිදුකළ ඉන්දියානු සංචාරයට ද  පූර්ණ අනුග්‍රහය දක්වා  ඇත්තේද ඇය විසින්ලු.

 

එහෙත් කරුණාදරන් පසුගිය දිනවල අප මාධ්‍යවේදීන් අමතා කියා තිබුණේ උදේනිකාගේ වංචා හසුවීමෙන් පසු ඇයව සංවිධානයෙන් ඉවත් කළ බවය. එම සංගමයේ අනෙකුත් සාමාජිකයින් කියා ඇත්තේ  එය බොරුවක් බවය.

 

එසේම සමාජ ක්‍රියාධරයකු මෙන්ම දේශකයකු වූ එස් ආර් එඩ්වඩ්ගේද නම, ඔහුගේ නිවසේ  ලිපිනය  හා අත්සන යොදා ගෙන ඇතත් අප විසින් හෙළිදරව් කොට දන්වන වන තුරුම ඔහු මේ කිසිවක් දැන නොසිටියේ ලු.

 

ගොවිතැන සඳහා යොදාගන්නා ට්‍රැක්ටර් වෙනුවෙන් කෝටිගණන් මුදල් ගෙවීම මෙන්ම අබ්දුල් කලාම් ආයතනයෙන් දෙනු ලබන හැඳුනුම්පතටද මෙම ගොවි පවුල්වලින් එක් අයෙකුගෙන් රුපියල් 3500 බැගින් එක් කර ඇති අතර ඒ පිළිබඳ  මාධ්‍ය වාර්තා පලවීමත් සමග එක් පිරිසකට මෙම හැඳුනුම්පත් සඳහා එක්කල කිහිප දෙනෙකුගේ  මුදල් නැවත බාරදෙමින් සිටිනවාලු. ‍

 

කෙසේ වුවත් ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරීක්ෂණ ඒකකයට මෙම මූල්‍ය වංචාවට හසුවූ  වින්දිතයින් කීපදෙනෙක් පැමිණිලි කර තිබුණද තවමත් චූදිතයින් නිදැල්ලේ  බවත් අදාල වින්දිතයින් චෝදනා කරයි.

 

#provincial Gossip