SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට  සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම මෙම කමිටුවට පැවරෙන ප්‍රධාන රාජකාරියකි.

 

ඊට අමතරව පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද මෙම කමිටුව හරහා සිදු කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙම මෙහයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන,සිරිකොත  විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර්  පත් කර ඇත. 

 

මේ කමිටුව හා එක්ව වැඩ කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවද වාර්තා වේ.

 

මැතිවරණ මෙහෙයුම් කටයුතු කිරීමට ස්ථානයක් තෝරා ගන්නා ලෙස උපදෙස් දී ඇති ජනපති මැතිවරණ මෙහෙයුම් කටයුතු කළමනාකරණය  ගැන සැලසුමක් දෙන ලෙස ද පක්ෂ නායක ජනාධිපති  රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.