SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදු සන්දානයක් සම්බන්ධ කතිකාවක් රට තුළ පැතිරුනද රටේ ජන දුක නිවන ස්ථාවර වැඩපිළිවෙලක් සන්දාන දේශපාලනයක් හරහා සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව

විශේෂ වැඩසටහනක් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය වන බව පැවසේ.

 

පෙබරවාරි 14 වැනි දින  පොදු සන්දානයක් හා එක්වන සියලු දේශපාලන පක්ෂ සංවිධාන එක් කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වෙනවායැයි ජනරජ පක්ෂයේ ආරංචිමාර්ග පවසයි.

 

 

|ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කොට ගනිමින් පුටුව ලකුණින්  බිහිවන්නට නියමිත පොදු සන්දානය හරහා මෙම වැඩ පිළිවෙල කලි එලි දකිනු ඇති බව එකී ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් ඇතුළු නිදහස ජාතික සභාව, අනුර යාපා කණ්ඩායම, රොෂාන් රණසිංහ, මෙන්ම  නිමල් ලංසා ප්‍රමුඛ පොහොට්ටුවෙන් වෙන්ව ගොඩනගා ඇති සන්දානයද එක්වන බව මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් පොදු සන්දානය නුදුරේදීම එළි දැක්වෙන බවටද මාධ්‍ය වාර්තා පලකර ඇත.

 

 

පෙබරවාරි 14 වැනි දින පැවැත්වෙන පාඨලී චම්පික රණවකගේ පොදු වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ වැඩසටහන කොළඹ ලක්ෂ්මන් කදිරගාමන් කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද විශ්වාසවන්ත ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබී ඇත.