SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලුදෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක්  නොබියව

එම අභියෝගයට මුහණ දුන් බවත් තමා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහය දීමට පෙරට පැමිණියේ මෙරට ජනතාව වෙනුවෙන් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

 

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (1) සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවාව වැඩසටහනට සමගාමීව පැවති  ශ්‍රම වාසනා අරමුදල මගින් සංවිධානය කළ පාසැල් උපකරණ බෙදාදීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

එම අවස්ථාවට සහභාගීවූ අමාත්‍යවරයා පාසැල් දරුවන් සමග පැයකට ආසන්න කාලයක් ගත කිරීම එහි පැමිණි සියලු දෙනාටම විශේෂ අත් දැකිමක් විය.

 

ඉන්ධන, ගෑස්, ඖෂධ, කිරිපිටි නොමැතිව ජාතියම පෝළිම්වල පසුවූ යුගය නිමාකරන්නට වත්මන් රජයට හැකිවු   බවත්, එහි ගෞරවය මෙරට ශ්‍රම බලකායට ලබාදීමට තමා දෙවරක් නොසිතන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

 

WhatsApp Image 2024 02 02 at 12.20.23

 

වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා;

 

''අපිට ඕනි මේ රට මේ විදියටම ඉස්සරහට ගෙනිහින් මිනිස්සු ටික දිනවන්න. මේ අම්මල තාත්තලට කියන්නේ මේ දරුවෝ ටික හොඳින් බලාගන්න . ඔබට වඩා හොඳ කාලයක් දරුවන්ට උදාකර දෙන්න අපි කටයුතු කරනවා.

 ඉදිරියේ දී මේ රටේ ලොකු පෙරළියක් කරන්න අපි සලසුම් කරලා තියනවා. මේ වන විටත් ඒ වැඩ ටික සිද්ද වෙනවා. එදාට වඩා හොඳ වෙනසක් රටේ වෙන බව ඔබටත් පේනවා ඇති.

 අපිට ඉලක්කයක් තියනවා. එතනට නිකං යන්න බෑ. අපි  රටක් හැටියට එක්විය යුතුයි. අපිට පක්ෂ, පාට අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය මේ රටේ ඉන්න මිනිස්සු දිනවන්නයි.

ශ්‍රම වාසනා අරමුදල තියෙන්නෙ ශ්‍රමිකයන්ගේ දරුවන්ටයි. මේ අර මුදලින් වෙනදාට ඡන්ද ගන්න ටකරන් තහඩු, වැසිකිළි කටවල් බෙදලා තියනවා. එහෙම ඉතිහසයක් අපි වෙනස් කරලා තියනවා. ඒ කියන්නේ අපි සිස්ටම් එක චේන්ජ් කරන්න පටන් අරන් තියනවා. 

අද මේ අරමුදල් වෙන්වන්නේ ශ්‍රමික ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුවක් ලබාදෙනවා.  ජනාධිපතිතුමා ඒ වැඩ ටික සේරම කරන්නේ මේ දරුවෝ ටික ගොඩනගන්න අවශ්‍ය නිසයි. මේ ගමන අපි ඉස්සරහට එකට අත්වැල් බැඳගෙන යමු කියලා මේ අම්මල තාත්තලාට මම ආරාධනා කරනවා''

 

WhatsApp Image 2024 02 02 at 12.20.14WhatsApp Image 2024 02 02 at 12.20.16WhatsApp Image 2024 02 02 at 12.20.18WhatsApp Image 2024 02 02 at 12.20.19WhatsApp Image 2024 02 02 at 12.20.20WhatsApp Image 2024 02 02 at 12.20.21WhatsApp Image 2024 02 02 at 12.20.22WhatsApp Image 2024 02 02 at 12.20.23WhatsApp Image 2024 02 02 at 12.20.25WhatsApp Image 2024 02 02 at 12.20.26WhatsApp Image 2024 02 02 at 12.20.28

@මාධ්‍ය ඒකකය