SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 

 

ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක නමින් ඊයේ දිනයේ නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

 

පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ ගේ පත්වීම හා ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් නිකුත් කර තිබේ. 

 

පළමු ගැසට් නිවේදනයේ දැක්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 29 වැනිදා සිට ලොහාන් රත්වත්තේ  වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇති බවයි.