SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු හමුදාපති දයා රත්නායක ව සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි.

ඒ අනුව තමන් මෙම ඉල්ලීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකගෙන් කරන ලද බවත් හෙතෙම පැවසීය.‍

 

ඔහු මේ බව පවසා ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ය.

 

කෙසේ වෙතත් තමන් පක්‍ෂය හැර නොයන නමුත් එම පත් පත් කිරීමට එරෙහිව කටයුතු කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කරයි.

 

|දයා රත්නායක හිටපු හමුදාපතිවරයාව පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවා එකඟතාවයක් නැති බවද ඔහු සඳහන් කරයි.

හර්ෂ  ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මේ පිලිබදව ඔවුන්ගේ  අප්‍රසාදය තමන් හා සඳහන් කළ බවද ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා තවදුරටත් කියා සිටියේය.

 

සමගි ජන බලවේගය බිහිකිරීමට බොහෝ කැපකිරීම් කරන ලද බවත් පක්ෂය හැර යෑමේ කිසිදු අදහසක් නැති බවත් පවසන සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පක්ෂයට කැමති ඕනෑම අයෙකු පිළිගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලය හිස් චෙක් පතක් නායකයාට ලබා දී නැති බවත් පවසයි.

එසේම පක්ෂය රැකගැනීම වෙනුවෙන් කැපවන බවත්  කොළඹදී මාධ්‍ය හමුව අමතමින් ඔහු පවසයි..