SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ ටෙලිවිෂන් සංස්ථාවක සභාපති කරල ඉන්නෙ ඇමති ලොක්කගෙ හිතවතෙක් ලු.

මෙන්න එයා අද මැනේජ්මන්ට් එක කැඳවල එයා  ඉල්ලා අස්වෙනව කියල දැනුම්දීලලු.

 

ඒකට හේතුව මොකක්ද?

අපිට ඒක ගැන දැනගන්න පුළුවන් උනේ මෙහෙමයි.

මේ සංස්ථාව ඇතුලෙ සෙට් එකක් සෙට් වෙච්ච වෙලාවක මේ ගැන කතාකරද්දි අපේ මිත්‍රයෙකුත් ලඟ උන්නලු.

 

රජයේ ටෙලිවිෂන් කියන්නෙම පාඩු ලබන, ආයතනයේ සේවකයින්ගේ මාසික වැටුපවත් ගෙවාගත නොහැකි තැනට වැටුනු භාණ්ඩාගාරයේ පිහිටෙන් කාලයක් තිස්සෙ ක්‍රියාත්මක වුනු ආයතනයක් කියල කව්ද දැන් නොදන්නෙ...

මේ ආයතනවල  කරන්ට් බිල, වතුර බිල ගෙවාගන්න බැරිව ඒවාත් කපන්න නෝටිස් ආව කියල පහුගිය දවස්වල කියැවුනා.

දැන් මේ සුදු අලින්ට ජනතාවගේ බදු මුදල් වැටුප් ගෙවන්න දෙන්නෙ නැතිලුනේ.

නැතිලු නෙවෙයි දෙන්න සල්ලි නැහැයිලු.

 

ඒ හින්ඳ පහුගිය කාලෙ රජයේ ටෙලිවිෂන් එකක්  සතු ඇහැක් වගේ  නාලිකාවක්  ස්වර්ණවාහිනියේ අලි ලොක්ක බදු අරගෙන තිබුණ ලු, මාසෙකට රුපියල් මිලියන 25කට.

බදු කාලෙ ඉවර උනහම සභාපති උන්නැහේ මනි ලොක්කගෙ සුප්‍රිම් එකත් එක්ක මේ කියන ඇහැක් වගේ  නාලිකාව  අවුරුදු හයකට  බදු දෙන්න කතාකරගෙනලු.

මේකට ඇමති ලොක්කත් කැමති වෙලා උන්නට මොකද  අමාත්‍යාංශයේ ලේකම් නම් විරුද්ධයිලු.

 

ඔන්න දෙකක් දාගෙන සෙට් වුනු යාලුවො ටික මේ ගැන  වෙච්ච කතාබහ මෙහෙමලු.

 

ඉතිං බන් ඇමතිට තිබුණනේ කැබිනට් එකට දාල ඔික අනුමත කරගන්න.

 

ඒක තමයි බන් කරන්න හදල තිබුණෙ. ඒත් මේ පේපර් එක කැබිනට් එකට දාගන්න බැරිවෙලාලුනේ.

 

ඒ කියන්නෙ ලේකම් තුමා පේපරය දාල නැද්ද?

 

ආරංචියෙ හැටියට නම් එතනින් තමයි මොකක් හරි වෙලා තියෙන්නෙ..

සභාපති උන්දැට ඒකට පට්ට අවුල්ලු... හොඳ එකෙන්ම  මල පැනලලු ..

එයා ඉල්ලා අස්වෙනව කියල ඇමති ලොක්කට කිව්ලු.

 

ඉතිං ඇමති ලොක්ක  මොකද කියල තියෙන්නෙ? අස්වීම බාරගෙනද?

 

මොන..?

ඔයා ඉල්ලා අස්වෙන්න ඔින නැහැ.. කැබිනට් අනුමැතියක් නැති  හින්ඳ ස්වර්ණ වාහිනීයේ ඇග්‍රිමන්ට් එකත් කන්ටිනියු කරන්න බැරි උනත් මම මේක මාසිකව රුපියල් මිලියන 25ක් ගෙවන්න ආයෙත් ස්වර්ණ වාහිනියට දාල දෙන්නම්.

ඇමති එහෙම කිව්වලු.

 

ඉතිං බන් කොහොම හරි මිලියන 25ක් මාසෙකට එනවනේ ඉතිං ..

 

එහෙම බැහැනේ බන්..අවුරුදු හයකට  ඩීල් එකක් ගහනකොට කොච්චර බෙනිෆිට්ස් ලැබෙනවද ලොක්කන්ට නේද?

ටිකක් වැඩි වෙලා හිටපු තවත් මිත්‍රයෙක් අතරමගින් පැනල වැඩේ ලීක් කරාලු..

 

ඒ කියන්නෙ දැන් සංස්ථාවේ ලොක්ක හදන්නෙ අස්වෙනව කියල තගක් දාල මේ ඩීල් එක සක්සස් කරගන්නද?

 

එහෙම කරගන්න පුළුවන් ඉතිං ඇමති එක්ක තියෙන සම්බන්ධෙ උඩනේ.

ඒ මොනව උනත් අමාත්‍යාංශ ලේකම්තුමා ඔය වැඩේ නොකරන්නත් මොකක් හරි දන්න හේතුවක් ඇති..

මේ යන විදිහට දැන් ලේකම්ලා රාජ්‍ය නිළධාරියො විදිහට අනුන්ගේ කුණු ඇගේ දාගන්න කැමති නැතිව ඇති..

පැන්ෂන් එකත් නැතිවනේ ගෙදර යන්න වෙන්නෙ..

 

ඉතිං දැන් මිනිහ ඉල්ලා අස්වීම දීලද?

 

අස්වීම දීලද දන්නෙ නම් නැහැ..

ඒත් අද මැනේජ්මන්ට් එක රැස් කරල ඉල්ලා අස්වෙනව කියල නිවේදනය දුන්නලු.

 

සමහරු නම් අනේ සෑර් යන්න එපා කියල මූණට කියනවලු.

හැබැයි උන්ම තමයි මෙයා යනවට මාර කැමති.

ජොලියට බර ජනමාධ්‍ය පුත්‍රයෙක් කොක්හඩලමින් කිව්වෙ පුරවගත්ත වීදුරුව කටට හලාගනිමින් ලු..

 

මොනව උනත් දැන් සුභාෂ්කරන් එක පැත්තකින් මාධ්‍ය ආයතන ටික අල්ලගනිද්දි මනී අනික් පැත්තෙන් නාලිකා ටික අල්ලගන්නව නේද?

ඒකත් සැපයි..බන්.

මීඩියා සගයො ටික හිතේ දුකයි සතුටයි දෙකම වෙනුවෙන් සව්දිය පිරෙව්වලු.

 

#Gossip