SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකුටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලබා දී ඇති බව සඳහන්.

 

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක් වන සමන් රත්නායක හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති සරත් ලියනගේ යන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිමට නියමිතය.

 

ඉන්දීය ණය ආධාර යටතේ මිලදීගත් බව කියන ඉමියුනොග්ලොබියුලින් එන්නත සම්බන්ධ ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැදවීම සිදුකර ඇත.

 

 

කෙහෙළියව අත් අඩංගුවට ගන්නැයි සත්‍යග්‍රහයක්!

 

kehel 6

 

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව  වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වේ.

එම සත්‍යග්‍රහය සංවිධානය කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව විසිනි.



ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුන් ගනුදෙනුවට හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි පවා තිබියදී තවදුරටත් ඔහුව රකින්නේ කාගේ වුවමනාවකටද යන්නයි එම  පිරිස විසින්  ප්‍රශ්න කර සිටියි.



මෙම සිද්ධියට අදාළ නඩු විභාගය යළි හෙට දින (01) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවීමට නියමිත අතර මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

kehel 5

නවතම ලිපි