SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (30) දින සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස

පොලිසිය විසින් පහර දීම තරයේ හෙළා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

ඔහු පවසන්නේ  මේ මොහොතේ තාවකාලිකව පාර්ලිමේන්තුව විසින් පත්කර ගනු ලැබූ ජනාධිපතිවරයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ගේ පාලන කාලය සේ පොලීසිය ජනතාව මර්දනය සඳහා යොදා නොගෙන රට නිවන තැනකට ගෙනගොස් සිහිබුද්ධියෙන් තීරණ ගනු ලබන ජනතාවක් බිහි කිරීම බවය.

 

එහිදී වැඩිදුර අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා;

 

"සමගි ජන බලවේගය විසින් කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. ඒක ඔවුන් දැනුවත් කරලා තමයි උද්ඝෝෂණය කළේ. ඒ උද්ඝෝෂණයට ඉතාම අමානුෂික විදිහට පොලිසිය පහරදීම්, පලවා හැරීම් කළා. මේ ගැන අපේ බලගතු විරෝධය පළමුව පළ කරන්න ඕනේ.

 

විශේෂයෙන්ම සමගි ජන බලවේගය කියන්නේ රටේ විපක්ෂ නායකවරයා නියෝජනය කරන විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තු පක්ෂය. එම පක්ෂයේ උද්ඝෝෂණයකටත් සලකන්නේ මේ ආකාරයට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් පැන නගිනවා.

 

|අනිත් පැත්තෙන් මේ අධික විදුලි බිල, ඉන්ධන මිල, අධික බදු බරත් එක්ක මහජනයාගේ ජීවිත ඉතාමත්ම බරපතල විදිහට අසීරුතාවයට, දුක්ඛිත භාවයට ඇද දමලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක් සේවකයින් සමඟ කිසිඳු සාකච්ඡාවක් නොකර තොරව තැන් තැන්වල කරන සාකච්ඡා හරහා කෑලි වලට කැඩීම, විකුණා දැමීම වැනි දෑ සිදුකරන බව අපිට පෙනී ගිහින් තියෙනවා.

 

 

විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය, රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් ආයතනය වගේම රාජ්‍ය බැංකු තුනේම විශාල අවිශ්වාසයක් පැන නැගිලා තියෙනවා. ඔවුන්ගේ කොටස් විකුණන්න යනවයි කියලා. ඒ වගේම BOI ආයතනය වගේ ආයතන ගණනාවක දැන් සේවක අසහනයක් මෝදු වෙමින් තියෙනවා. ඒ අතරට රජයේ විධායක නිලධාරීන්ට වැටුප් වැඩි නොකිරීමත්, වැට් බද්ද මගින් ඔවුන්ගෙන් බදු අය කිරීමත් ගැන විශාල විරෝධයක් මෝදු වෙමින් තිබෙනවා.

මේ සියල්ලත් එක්ක විශ්වවිද්‍යාලවල, අනිකුත් අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා වැනි ඉතාම අත්‍යවශ්‍ය සේවාවලත් මේ අසහනය පිපිරී යමින් තිබෙනවා.

 

|ණගාටුවෙන් කියන්න ඕනේ අද පොලිසිය ත්‍රාඩ කල්ලියක අත්අඩංගුවේ තියෙන්නේ. ඒ අත්අඩංගුවේ ඉන්න පොලිසිය තමන්ගේ කීර්තිනාමය පළුදු වෙන ආකාරයට තමයි හැම පැත්තෙන්ම ක්‍රියා කරන්නේ. ජනතාවගේ වෛරය, කෝපය එකතු කිරීම තමයි සිද්ධ කරගෙන යන්නේ. ඒ බවත් කියන්න ඕනේ. මතක තබා ගත යුතුයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලෙත්, ආරක්ෂක හමුදා යොදවගෙන, ඇඳිරි නීති දාගෙන, හදිසි නීති දාගෙන, හාරදාහකට අධික පිරිසක් හිරගෙවල්වල ගාල් කරගෙන මර්දනය කරන්න හැදුවා නමුත් මහජන නැගිටීමක් ආවට පස්සේ ඒ සියල්ල නැතිවෙලා ගියා.

 

ඉතාම කෙටි කාලයක් ඇතුළත තව මාස 06 ක් ඇතුළත රටේ පාලනය වෙනස් වන මැතිවරණ පැවැත්වෙනවා. ඒ මැතිවරණ දක්වා වන කාලය සාමකාමීව කෝපාවිෂ්ඨ නොකර ජනතාව සාමකාමීව ජනතාවට ටිකක් හිතලා බලලා තීන්දුවක් ගන්න පුළුවන් තැනට පත් කරන එකයි රජය මේ මොහොතේ කළ යුත්තේ. එහෙම නැතුව ජනතාව කෝප කළොත් මැතිවරණයත් ප්‍රචණ්ඩ වෙයි. මැතිවරණයෙන් පස්සෙත් චණ්ඩ ක්‍රියා ඇති වෙන්න ඉඩ තියෙනවා.

ඒකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මේ ත්‍රාඩ පොලිසිය මෙහෙයවන පිරිස්. එම නිසා මේ තත්වය ගැන කල්පනා කරලා විශේෂයෙන් පාර්ලිමේන්තුව තෝරා පත් කර ගත් ජනාධිපති කෙනෙක් හැටියට ජනපති ක්‍රියා කළ යුතුයි.

 

|ලබාගෙන තිබෙනවාය කියන ආර්ථික ස්ථාවරත්වයත් මේ මගින් සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත්වෙන්න නියමිතයි. ආර්ථිකය පවතින්නේ ස්ථාවර මට්ටමක නෙවෙයි. අතුරේ යනවා වගේ. බොහොම අසීරු ගමනක තියෙන්නේ. ජනතා කෝපයට ගිනි පිදුරු දැමීමේ කුමන්ත්‍රණ ගෝඨාභය පාලන සමයෙත් සිද්ධ වුණා. ඒ නිසා දැන්ම බුද්ධිමත්ව, සිහිකල්පනාවෙන් යුතුව රට නිවුණු තැනකට පත්කර සිහිබුද්ධිය ජනතාවගේ මතු කරලා ඒ සිහිබුද්ධිය මතින් ජනතාවට තීරණ ගන්න පුළුවන් විදිහේ වාතාවරණයක් සකස් කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බව අවධාරණය කරනවා."

 

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි