SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි ගේ ගලගෙදර හෑදෙනියේ පිහිටි නිවසට

අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ සහ දරුවන් ශෝකය පළ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඉදිරියේදී දේශපාලනයට එන්නේ දැයි ඇයගෙන් නැගූ පැනයකට සුහදව පිළිතුරක් දෙමින් පවසා සිටියේ එය සිදුවීමටත් නොවීමටත් පුළුවන් බවයි .

 

එහිදී අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ තම සැමියා අමාත්‍ය ධුරයේ සිටියදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් සිටිමින් කාන්තා සමිති 500 ක් සමග ඇය වැඩ කළ බවත් පුත්තලමේ ජනතාවගෙන් සහ පක්ෂ නායකත්වයෙන් ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව සලකා බලන බවද ඇය පැවසීය.

 

කෙසේ නමුත් තම ප්‍රධාන ඉලක්කය වන්නේ කුඩා වයසේ සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා වැඩි කාලයක් යෙදවීමට බවද පැවසීය .

 

@lankadeepaya

නවතම ලිපි