SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය කාලය පුරාවට ලෝක සහයෝගීතා පදනම හා අබ්දූල් කළාම් අණුස්මරන සංවිධානය විසින් අහිංසක ගොවි ජනතාව රවටමින් යහෛන් මුදල් ගැරූ කූට ව්‍යාපාරයක තොරතුරු වක්කඩ කැඩුනාක් මෙන් හෙළිදරව් වෙමින් පවතිද්දී ඊට හසුවූ අහිංසක ගොවිපවුල් වල එදා වේල සරිකරගන්නට වෙරදරන ජනයා අද ඔවුන්ගේ මුදල් වහසි බස් දොඩා ගසා කෑ අයුරු බොහෝ වෙබ් මාධ්‍ය වෙත දත්ත තොරතුරු සහිතව ලබාදී ඇත….

 

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ එජාප හිටපු මංත්‍රිනී K.H උදේනිකාගෙන්, දිවි තොරකර ගන්නා බව පවසමින් වින්දිත ගොවීන්ට තර්ජන….!

 

Udeni ka

(එජාප මංත්‍රිනී කේ.එච් උදේනිකා)

 

වංචාකාර එජාප මංත්‍රිනී කේ.එච් උදේනිකා විසින් මේවන විට කෘෂි උපකරණ හා ට්‍රැක්ටර් රථ ලබාදෙන බව පවසමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණක් ( දැනට වාර්තා වී ඇති තොරතුරු පරිදි ) රුපියල් මිලියන 5ක පමණ මෙලෙස ලබාගෙන ඇති අතර, ලෝක සහයෝගීතා සංවිධානයේ විධායක තනතුරක් හා අබ්දූල් කළාම් අනුස්මරණ පදනමේද විධායක ධූරයන් දරමින් මෙම වංචාව සිදුකොට ඇති අතර, මෙම වංචාව හෙළිදරව් වීම සමගම, අබ්දූල් කළාම් පදනමෙන් තාවකාලිකව ඉවත්වන බවට එහි සභාපති ආචාර්ය කරුණාකරන් සිල්වා වෙත වට්ස් අප් හඬ පටයක් යවා ඇත. ,එසේම  පසුව ඉල්ලා අස්වීම ලිඛිතව ලබා දෙන බවට ප්‍රකාශ කළද, අබ්දූල් කළාම් ආයතනයේ ශ්‍රි ලංකාවේ සභාපති ලෙස කටයුතු කරන කරුණාකරන් සිල්වා යන අය මේ මොහොත වනතුරුම ඇය වෙනුවෙන් නිශ්චිත විනය ක්‍රියාමාර්ගයක්  නොගෙන සිටීම තුළ,  ඔහුට විරුද්ධවද ගොවීන් එල්ල කරන චෝදනා යතාර්ථයක් මෙන්ම සත්‍යාතවයෙන් යුතූ බවට පෙනීයනු ඇත..

 

WhatsApp Image 2024 01 25 at 23.41.30 2WhatsApp Image 2024 01 25 at 23.41.30 3

 

තවද වංචාකාර එජාප මංත්‍රිනිය තමන් වංචාකළ මුදල ලබා දීම විනා, වින්දිතයින් මුදල් නැවත ලබා දෙන ලෙස ආයාචනා කළ විට ඇය වංචාකාරිනියක් නොවන බවත් මෙලෙස මුදල් ඉල්ලා කරදර කරන්නේ නම් වහාම ඇය වස පානය කොට දිවි අහිමි කරගන්නා බවට තර්ජනය කරමින් වින්දිතයින් ව  අපහසුතාවයට පත් කරනුයේ, එසේ සිදුකල  විට වින්දිතයින් විසින් නැවත මුදල් ඉල්ලා සිටීමට බිය වීම නිසාය…

 

එසේ සියදිවි නසා ගන්නා බව පවසන හඬපට කීපයක් ද  අප සතුව ඇත…

 

WhatsApp Image 2024 01 25 at 13.27.26 1

(අබ්දූල් කළාම් පදනමේ ශ්‍රී ලංකා  සභාපති කරුණාකරන්)

 

අබ්දූල් කළාම් සභාපති කරුණාකරන් හා එජාප මංත්‍රිනී එක්ව ගහන ගේමක් යැයි වින්දිත ගොවීන්ගේ චෝදනා සත්‍යක්ද…?

 

මේ මොහොත වන විට ගවේෂණාත්මකව  සොයාගත් දත්ත මෙන්ම වින්දිතයින් විසින් ලබා දුන් තොරතුරු අනුව බැලූ බැල්මට පෙනී යන්නේ චේතාන්විතවම මෙම ආයතන දෙකේම පිරිස් විසින් එදාවේල සරිකරගන්නට වෙහෙසෙන ගොවීන්ගේ පනං හතරටත් සූක්ෂමව තට්ටු කරන අපූරුව ය…

 

අබ්දූල් කළාම්  පදනමේ නියෝජිතයකු වීම වෙනුවෙන් හැඳුනුම්පතක් සහතිකයක් හා තවත් අබ්දුල් කළාම් ප්‍රචාරක  බැනරයක් වෙනුවෙන් යැයි කියමින් රුපියල් 3500.00 ක මුදලක් එක් අයකුගෙන් අයකොට ඇත…. එමෙන්ම අප විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර වූ අදාල සංවිධාන විසින් පොලොන්නරුවේ ගොවීන්ගෙන් ගත් යම් මුදල් ප්‍රමාණයක් (හැඳුනුම්පත් ලභාදීම වෙනුවෙන් ) නැවත යම් පිරිසකට ලබා දී ඇත.  එයද අප විසින් දිගින් දිගටම සිදුකළ ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරහි ප්‍රතිපලයක් නිසාවෙනි.

 

තවද අබ්දූල් කළාම් අණුස්මරන සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා නියෝජිත කරුණාකරන් සිල්වා විසින් පවසන්නේ ඔහුට ලෝක සහයෝගීතා සංවිධානය හෝ කේ එච් උදේනිකා සමග කිසිඳු සබඳතාවක් නොමැති බවය… එහෙත් ඔහු කේ එච් උදේනිකා යන වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ එජාප මංත්‍රිනිය හා පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ සංචාරය කොට ඇත…

 

ඒ සඳහා ට්‍රැක්ටර් රථ හා ගොවි උපකරණ ලභාදිම වෙනුවෙන් ගොවීන්ගෙන් ලබාගත් මුදල් මෙසේ ඔවුන්ගේ පෞද්ගලික සංචාර සඳහා යොදාගත් බවට එම ගොවීන්  විසින් චෝදනා කරසිටී……

 

WhatsApp Image 2024 01 22 at 13.36.55 3WhatsApp Image 2024 01 29 at 16.07.47WhatsApp Image 2024 01 29 at 20.19.29

 

කෙසේ නමුත් අදාල චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ SCIB 278/45 යටතේ වංචනික එජාප මංත්‍රිනී කේ එච් උදේනිකා හා අබ්දූල් කළාම් සභාපති කරුණාකරන් සිල්වා යන අයට විරුද්ධව මේ වනවිට  පැමිණිලි ගොණුකොට ඇත….

 

ජනතා නියෝජිතයන් ලෙස, රටේම ආර්තිකය අවපාතයක ඇති මොහොතක, අහිංසක ගොවි පවුල් අන්ත අසරණ කරන මෙවන් රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව කරන මෙම වංචා දූෂණ නැවැත්වීමටත්  ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් අප නිසි බලධාරීන් හට අවධාරණය කරන අතර සාධාරණය ඉෂ්ඨවන තුරු අපි සීරුවෙන්………

 

@සුමුදු මද්දුමාරච්ච්

මිලානෝ

ඉතාලිය

නවතම ලිපි