SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය පහුගිය දවස්වල ආයෙත් ප්‍රසිද්ධ උනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන සටන් පාඨය නැවත ඉහලට එසවීමෙන්.

ඒ කොල්ලුපිටියෙ රේණුකා හෝටලයේ තිබුණු වැඩමුළුවකින්.

 

හැබැයි ඒකෙදි පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චියි, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නයි විරුද්ධ වෙලා තියෙන්නෙ ඒ සටන් පාඨයට නෙවෙයි, මේ වෙලාවෙ ඒ සටන් පාඨය හරහා ආපු රනිල් වික්‍රමසිංහගෙ ඇජෙන්ඩා එකටලු.

 

කොහොමින් ‌කොහොම හරි ජාතික ව්‍යාපාරයක් හැටියට ගොඩනැගුනු  සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ඔින්න දැන් රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට ලියාපදිංචි වෙලාලු.

 

කලින් ඉඳලම මේක එන්ජීඔි එකක් වෙලා අරමුදල් රැස් කරගන්න උත්සාහ කලාට එන්ජීඔි එකක් හැටියට ලියාපදිංචි උනේ දැනට මාස දෙක තුනකට කලින්ලු.

ඔන්න දැන්  එයාලට රටවල් ගණනාවකින් ලොකු ලොකු ගණන් වලින් ව්‍යාපෘති මුදල් ලැබිලලු.

දැන් ඉතිං ඒ සල්ලි වලින් එකේක රටවල ඇජෙන්ඩ එකට ජාතික ව්‍යාපාරයේ ප්‍රොජෙක්ට් කරාවි කියලයි කට්ටිය කතා වෙන්නෙ.

 

කොහොම හරි මේ ගොල්ලො තමයිලු දැන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ප්‍රොජෙක්ට් එක කරන්නෙ.

දන්නවනේ ඒකෙන් ඉතිං කාටද මේ වෙලාවේ ශෝක් කියල.

 

#Gossip

නවතම ලිපි