SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා විසින්  පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සම්බන්ධව අද පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇත.

පාර්ලිමේන්තුව  වාරාවසානය කිරීමට පළමු හේතුව ලෙස මන්ත්‍රීවරයා දක්වන්නේ,

 

පළමුවැන්න - කෝප් කමිටුවේ සභාපතිවරයා ඉවත්කිරීම වෙනුවෙන් බව ය. කෝප් කමිටුවේ සභාපතිවරයාට විරුද්ධව කරුණු ගොනුවී තිබියදීත් ඔහුව ඉවත් කරන්නට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කොන්ඳක් නොතිබූ බව මරික්කාර් මන්ත්‍රීවරයා පවසයි.

දෙවැන්න -  වර්තමාන ජනාධිපතිවරයා පිනට ලැබී ඇති ජනාධිපති තනතුර උපරිම ලෙස රස බලද්දී මේ රටේ ජනතාව‌ බදු බරින් මිරිකිලා එදාවේල කන්න බැරි තත්වයකට පත්ව ඇති නිසා නැවත ඡන්දයකින් බලයට එන්නට මේ පිං ජනාධිපතිට නොහැකි බව දන්නා නිසාත් අවසාන වරටත් රාජාසන කතාවක් කරන්නට ඇති ආසාව නිසාත් පාර්ලිමේන්තුව වාරාවසාන කර ඇති බව ඔහු පවසයි.

 

පාර්ලිමේන්තුව ඔක්කෝබර් මාසය වනතුරු වාරාවසාන නොකලොත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නැවත රාජාසන කතාවක් කරන්නට අවස්ථාවක් නොලැබෙන බව මන්ත්‍රීවරයා ගේ අදහසය .

එහෙත් මේ මොනදේ කලද ජනාධිපති රනිල්ට තවත් මාස හයකට වඩා ජනාධිපති තනතුරේ  සිටිය නොහැකි බව ඔහු අවදාරණය කරයි.

එසේම කව්රු කොහොම කීවද මේ ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවත්, සමහරු ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරණය කල් දැමූ බව කිව්වද එය එසේ නොවුනු බවත් මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් කියා සිටියි.

 “ ජේ ආර් 1982 හෙක්ටර් කොබ්බෑකඩුව එක්ක ජනාධිපතිවරණය තියල දිනුවා..

පාර්ලිමේන්තු මැතිවරණය තමයි ජනමත විචාරණයකින් සහ තුනෙන් දෙකකින් කල් දැම්මෙ.

ඒනිසා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ අන්තිම කාලෙ මේ. ඔබතුමා ජනතාව මිරිකලා ඔබතුමාගේ ආතල් එක ගන්න.. පාර්ලිමේන්තුව වාරාවසාන කලාට ඒක කරගන්න..

හැබැයි අපි එනවා 30 වෙනිදට කොළඹ.

මේ රටේ මහජනතාව විඳින පීඩනයට විරුද්ධව,

මේ රටේ මහජනතාව මත බලෙන් පටවා තියෙන බදු බරට විරුද්ධව, ‍

මේ රටේ මහජනතාවට බලෙන් වැට් ගහල ප්ලැට් කලාට විරුද්ධව,

මේ රටේ දරුවන්ගෙ අනාගතය විනාස කලාට විරුද්ධව,

මේ රටේ දරුවන්ට පාසැල්  යන්නට බැරිකලාට විරුද්ධව,

ලක්ෂ දහයක් ගෙවල්වල කරන්ට් කැපුවට විරුද්ධව,

කරන්ට් මිල වගේම වතුර බිලත් අහස උසට නැග්ගුවාට විරුද්ධව,

බඩු මිල අහස උසට නැග්ගුවාට විරුද්ධව,

 

ජනතාවගේ කේන්තිය උපරිම මට්ටමට ඇවිල්ල තියෙන වෙලාවෙ.. මේ රටේ වගකිවයුතු විපක්ෂයක් හැටියට අපි 30 වෙනිද කොළඹ එනවා.. අපි  මුළු ලංකාවම කොළඹට ගෙනැල්ල ජන බලය කොතනද කියල පෙන්වනවා..

 

කයියනායක වෙන්න පූවන් අයියනායක වෙන්න පුළුවන් වෙිදිකාවල කට උල් කරමින් බොරු කියන කට්ටියටත් කියනවා  ඒගොල්ලන්ගෙ උපරිමයට ඒගොල්ලොන්ගෙ ගිහිල්ල ඉවරයි...දැන් තමයි අපි වැඩ පටන් ගන්නෙ කියල.

 

අපි මෙතනින් නවතින්නේ නැහැ..

මේ 30 වෙනිද අපි ජනතාව පාරට බස්සල දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත්කරලා එතැනින් අතාරින්නෙ නෑ..

රට වටේ යනවා..

මේ රටේ ගොවියො එක්ක, තරුණයො එක්ක, රණවිරුවො එක්ක, කාන්තාවෝ එක්ක..මේ රට වටේම ජනතාව සංවිධානය කරලා...

මේ ජනතා ද්‍රෝහී ආණඩුව, ජනතාව මිරිකන ආණ්ඩුව, ජනතාව  තලල පෙලල  රීරි මාංසය උරාබොන ආණ්ඩුව  මේ අව්රුද්දෙ එලවල  සමගි ජන ආණ්ඩුවක් හැදීමේ පළමු වෙඩි මුරය අපි 30 වැනිදට පත්තු කරනවා”

 

 

නවතම ලිපි