SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද  (28දා) ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සමගින් තරඟ වැදීමට නියමිතය.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේ මූලික වටයේදී ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මුහුණු දෙන අවසන් තරගය ද මෙය වේ.

 

|දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව ඇති මෙම තරගය ජයගතහොත් ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවට එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 තරග වටයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත.

 

නිමා වූ තරග ද්විත්වයේදීම ශ්‍රී ලංකා යොවුන් පිලේ පිතිකරුවන් සැලකිය යුතු දෙයක් කිරීමට අපොහොසත් වූ පසුබිමක මෙම තරගයේදී තම වැරදි නිවැරදි කර ගනිමින් පිටියට පිවිසීමට ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය අපොහොසත් වුවහොත්, එය ශ්‍රී ලංකාව පැත්තෙන් සුබදායක නොවනු ඇත.

 

පිතිකරුවන් ලෙස වගකීම ඉටු කළත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණියේ සේවය ප්‍රශංසනීය බව පැවැසිය යුතුව තිබේ. එසේ වුවත් ඔස්ට්‍රේලියානුවන් සමඟින් පැවැත්වෙන සටනේදී පළමු තරග දෙකට සාපේක්ෂව අමතර පීඩනයක් සහ යම් තරමක අභියෝගයක් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියට පැටවෙන්නේ නිතැතිනි. එසේම මෙම තරගයේදී පිට දඟ පන්දු යවන ක්‍රීඩක විහස් තෙව්මිකට අවස්ථාව හිමි වීමේ වැඩි ඉඩක් පවතින බව ද දැන ගන්නට ඇත. ඊට ප්‍රධාන හේතුව වශයෙන් දැක්වෙන්නේ පසුගිය තරග ද්විත්වයේදීම විශේෂඥ පිට දඟ පන්දු යවන්නකුගේ අඩුව පෙනී ගිය නිසාවෙනි. එපමණක් නොව පසුගිය කාලයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් එක්වු තරගාවලි කිහිපයේදීම විහස් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීම නිසා මෙම තරගයේදී ඔහු යොදාගෙන ඔස්ට්‍රේලියානු පිතිකරුවන් වෙත යම් අභියෝගයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවද පැවැසේ.

 

@යොහාන් භාසුර

දිවයින

නවතම ලිපි