SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අලුත් සන්දානයට තවත් නායකයෙක්...!

 

පාඨලීගේ ‘අඩුව’ සහ 'අඩුව' පුරවන සාධකය?

 

ඉන්දියාව නැතිව ලංකාවට දේශපාලන කරන්න බැරි ද?

 

ජවිපෙ  සංඝ සමුළුව අසාර්ථක වේද?

 

ගොම්මන්පිලගේ පැනිල්ල!

සජබට තව කුණු එකතු කිරීමක් ද?

 

 

අපි මාස කිහිපයකට කලින්  වේලපහම  කිව්ව ලංකාවේ මේ වෙද්දි මහා සන්දානයක් ගොඩනගන්නට  රහසිගත සාකච්ඡා පැවැත්වෙනවාය, ඒකට මූලිකත්වය අරගෙන තියෙන්නෙ රටේ හිටපු නායිකාවක්ය කියල.

අද වෙද්දි හැම මාධ්‍යයකම මේ කව්ද මොනවද කරන්නෙ කියල පැතිරිලා අවසන්.

මේ කියන්න යන්නෙත් ඒ වගේම උණු උණුම ගොසිප් එකක්. ගොසිප් එකක් උනාට මේව අනාගතවාදී  නිවුස් කියලත් කියන්න පුළුවන් හොඳේ...

දැන් ඔන්න මේ ඇරඹිලා තියෙන පොදු සන්දානයෙ වැඩ කටයුතු බරටම කෙරීගෙන යනවලු.

ජනාධිපතිවරණයක් පැවැත්වේවි කියන විශ්වාසයේ පිහිටලා, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වාවි කියන විශ්වාසයේ පිහිටල මේ වෙද්දි පක්ෂ විපක්ෂ හැමෝම කාර්යබහුල වෙලා.

ඒ වගේම ලංකාවේ දේශපාලනයට  බලපාන භූ දේශපාලනයත් හොඳින්ම සක්‍රීය වෙලා.

අලුත් සන්දානයට තවත් නායකයෙක්...!

මේ අළුත් සන්දානය හැදෙන්නෙ පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින් කියලත්, ඒ වටේ බොහෝ දේශපාලන පක්ෂ සහ සංවිධාන වගේම ජනප්‍රිය දේශපාලකයිනුත් එක්වෙලා කියලත් දැන් හෙළිවෙලා ඉවරයි. ඒ වගේම පොදුජන එක්සත් පෙරමුණ කියන්නෙ 1994 චන්ද්‍රිකා කුමාරතුංගව බලයට ගේන්න සන්දානගත වෙච්ච එවක 17 අවුරුදු ශාපයක් වෙච්ච එජාපය පලවා හරින්න ‌ඉලක්ක කරගෙන පිහිටුවා ගත් සන්දානයක්. මේකෙ මහලේකම් වෙලා ඉන්නෙ ලසන්ත අලගියවන්න උනාට සන්දානය එලිදක්වනකොට වෙනත් මහලේකම් වරයෙකුට අවස්ථාව ලබාදෙනවත්ලු.

ඒ වගේම අපි කිව්ව මේ අලුතින් බිහිවෙන සන්දානය ක්‍රියාත්මක වෙන්නෙ නායකත්ව මණ්ඩලයකින් කියලත්.

ඒ හින්ඳ අපි ඒ ගැන නැවත කියන්න යන්නෙ නැහැ.

ලොකුම අවුලකට තිබුණෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්ව කාරණය හින්ඳ හරිහමන් තීරණයක් නොලැබී යෑම උනත් ඔන්න දැන් ඒ අවුලත් නිරාකරණය වෙලාලු.

 

මේ සන්දානය සකස් වෙන්නෙ ශ්‍රිලනිපයේ නායකත්වයෙන් ලු.

 

ශ්‍රිලනිප නායක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති උන්නැහේ දැන් දැන් පාටලී එනවටනම් කැමතියි කියලත්, එයාට තමන්ගෙ පක්ෂයෙ සහයෝගය වගේම පුටුව ලකුණින් තරඟ කරන්න අවසරයත් දීල කියලයි ආරංචියි.

මේ සන්දානය එක්ක පාඨලීගේ නායකත්වයෙන් යුක්ත ජනරජ පෙරමුණ පක්ෂයේ සම්බන්ධීකරණය කෙරෙන්නේ ඒ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභාපති රත්නපුරයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වුනු කරූ පරණවිතානලු.

කොහොම උනත් අපි දන්න මෛත්‍රී ලොක්කගෙ වචන දවස ගානේ වෙනස් වෙන්න පුළුවන් හින්ඳ ඒ ගැන බලාකියාගන්න එක ඉතිං චන්ද්‍රිකා නෝනගෙ වැඩක් නොවෑ ...

 

කොහොමින් කොහොම හරි මේ අතර ඉන්න පාටලීට හිතවත් තවත් සෙට් එකක් පාඨලීගේත් අවසරය ඇතිව මේ සන්දානයේ නායකත්ව මණ්ඩලයට  තවත් විශේෂ පිරිසක් එකතු කරගන්න මේ දවස්වල ගිනිරාමෙට වැඩලු.

වැඩේ කියන්නෙ මේ වෙද්දි ඒ වැඩේ සාර්ථකත් වෙලාලු.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු බලවත් අමාත්‍යාංශ කිහිපයක්ම දරපු  ඇමතිවරයෙක් සහ තානාපති ධූරයක් දරපු පුද්ගලයෙකුත් නායකත්ව මණ්ඩලයට යෝජනා වෙලාලු.

 

ඒ පුද්ගලයත් වැඩේට එකතුවෙන්න සූදානම් කියලයි අපිට අලුත් සන්ධානය පැත්තෙන් වාර්තා වුනේ.

මේ යෝජනාවෙන් අලුත් සන්දානයට ජාත්‍යන්තර වටිනාකමක් ලැබිල තියෙනවලු.

 

පහුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච ලලිත් එල්ලාවල දීපු ඉඟියෙ ජනාධිපතිවරණයට සන්දානයේ නායකත්ව මණ්ඩලයේ අතුරු තුනේ නම් දෙකකුත් අකුරු හතරෙ නමකුත් තියෙනව කියල. අපිටනම් ආරංචි අකුරු හතරෙ නම් දෙකක් තියෙනව කියලයි.

මොනව උනත් ඉතිං ඒ ගොල්ලන්ට සතුටුයිලු  චීනයේ සහ ඇමෙරිකාවේ විරෝධයකුත් නැතිව ලංකාවේ සංඝ සභාවන් එක්කත් ගනුදෙනු කළ හැකි පුද්ගලයෙක් පාඨලී එක්ක එක්වීමෙන් සන්දානය තවත් ශක්තිමත් වීම ගැන.

දැන්නම් රනිල් ලොක්කට චාන්ස් එකක් නැතිම ගානයි කියලයි රෑට රෑට ෂොට් එකක් දාගන්න ගමන් රටේ ප්‍රශ්න විසඳන්න සූදානම් වෙච්ච එජාපයේ කස්ටිය කතාවෙනවය කියන්නෙ.

 

 

පාඨලීගේ ‘අඩුව’ සහ 'අඩුව' පුරවන සාධකය?

පාඨලී කියන්නෙ මේ වෙද්දි නායකත්ව මණ්ඩලයට නව සන්දානයෙන් නම් කෙරිල තියෙන ඉදිරියේ ජනරැල්ලක් අත්කරගෙන ඉන්න  අනුර කුමාර එක්ක තරඟ කරන්න පුළුවන් දේශපාලනය ගැන දැනුවත් නායකයෙක් තමයි කියලයි පාඨලීට හිතවත් අය කියන්නෙ.

 

ඒත් පාඨලීගේ දේශපාලනය පටන් ගන්නෙ ජාතිකවාදී දේශපාලනයකින්. මේ හින්ඳ ඉන්දියාව පාඨලී දිහා බලන්නෙ ටිකක් සැකයෙන් ලු. මේ හින්ඳ තමයිලු නායකත්ව මණ්ඩලයට, ඉන්දියාවට විශ්වාස කරන්නත් පුළුවන්, ලංකාවේ මහනායක හිමිවරුන්ගේ විශ්වාසය රැඳිල තියෙන කෙනෙක්වත් එකතු කරගන්නෙ කියල සන්දානය අභ්‍යන්තරයෙන් වාර්තා වෙනවා.

 

අනිත් කාරණයලු  පාඨලීට ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවේ එකඟතාව ගන්නත් මේ පුද්ගලයා ලොකු සාධකයක් ‌වේවි කියලයි අදහස වෙලා තියෙන්නෙ.

රනිල් වික්‍රමසිංහ ගැන  මේ වෙද්දි ලංකාවේ ව්‍යාපාරිකයින්ට කිසිදු විශ්වාසයක් නැතිලු. ඒ හින්ඳ ඒකෙ වාසිය දැන් ගනිමින් ඉන්නෙ අනුර කුමාරලු.

ඉන්දියාව නැතිව ලංකාවට දේශපාලන කරන්න බැරි ද?

කව්රු මොන ආකාරයට දේශපාලන පොර පිටියේ කරණම් ගැහුවත් අත්හැරිය නොහැකි සාධකයක් වෙන්නෙ කලාපයේ භූ දේශපාලනය කියල දේශපාලනය ගැන උනන්දු හැමෝම දන්නවා.

ඒකට ඉන්දියාව චීනය විතරක් නෙවෙයි අමෙරිකාවත් මූලිකයි කියලත් දන්නවා.

ඉතිං ඉන්දියාව විශ්වාස කරන නායකයෙක් නායකත්ව මණ්ඩලයේ හිඳීම ඉන්දියාවට වගේම හැදෙන සන්දානයටත් හයියක් කියලයි සන්දානයේ අය කියනවයි කියන්නෙ.

 

ඉන්දියාව මෙදා පාර ටිකක් තදින් මේ මැතිවරණ ව්‍යාපාරයට අත ගහන්න සූදානම් කියලත් ලු  කලාපයේ දේශපාලනය ගැන උනන්දු ඇත්තෙක්ගෙන් අපිට අහන්න  ලැබුනෙ.

"මාලදිවයිනට චීනය කරපු දේ ලංකාවට  කරන්න දෙන්නෙ නෑ" කියලලු ඉන්දියාව දැන් සහතික කරල කියන්නෙත්.

 

චීන ආදරය වගේම මේ ඉන්දියානු ආදරයත් මේ දවස්වල ඉතිං ලංකාවේ අපිට  දරාගන්න අමාරුයි කියලයි කට්ටියනම් කියනවය කියන්නෙ.

ජවිපෙ  සංඝ සමුළුව අසාර්ථක වේද?

තුන් නිකායෙනුත් සංඝ සමුළුවක්!

ලංකාවේ දේශපාලනය ඇතුලෙ තවමත් අත්හැරිය නොහැකි සාධකයක් තමයි සංඝ සාධකය.

ජාතික ජන බලවේගයත් ලඟදීම සඟ සමුළුවක් පවත්වන්නට තීරණය කරලලු.

ආරංචි හැටියට මේ කියන සඟ සමුළුවට මහනායක හිමිවරුන්ගේ මනාපයක් නැතිලු. අනුර කුමාර  පහුගිය දවස්වල මහනායක හාමුදුරුවරු බැහැ දකින්න ගියාට මොකද  ඒව මේ කැම්පේන් එකේ කෑලි කියල දන්නවලු.

 

ඒව මොක උනත් සියම්, මල්වතු, අමරපුර තුන් නිකායෙම නායක උන්නාන්සෙලා  මේ වෙද්දි එකතු වෙලා යෝජනා කරල තියෙනවය කියන්නේ නායකත්ව මණ්ඩලයක්ලු.

 

ආරංචියේ හැටියට මේ මණ්ඩලය ඇතුලෙ ඉන්නවය කියන්නෙ පාඨලීත් ඇතුලත්ව සාධාරණ සමාජයක්  උදෙසා ජාතික සංවිධානයේ කරූ ජයසූරියයි, අමරපුර නිකායේ භාරකරු හැටියට පත්ව ඉන්න මිලින්ද මොරගොඩයිලු. මිලින්ද මොරගොඩව  මේ වෙද්දි සියම් නිකායෙ කෝට්ටෙ පාර්ශ්වයෙ නායකයා හැටියටත් පත්කොරලලු තියෙන්නෙ.

ඒ කියන්නෙ ඉතිං හාමුදුරුවරුන්ගේ සපෝට් එක උන්දැටනම් රහටම ලැබෙයි වගේ.

 

මොනව උනත් අපි ජාතික ජන බලවේගයේ සමුළුව ගැන කියලා කියන්න ගියේ වෙනත් කාරණයක්.

මේ තුන් නිකාය එකතුවෙලා කොළඹ සඟ සමුළුවක් තියන්න යනවලු.

ඒකෙන් පස්සෙදි  හුගක් වෙලාවට ගෝඨාභය හිටපු ජනාධිපතිවරයට එකතු වෙලා දැනට කළකිරිලා ඉන්න පිරිසකුත් මේ සන්දානයට එකතු වෙයි කියලයි තතු දත් අයනම් කියන්නෙ.‍‍

ඒ ඔක්කොටම වැඩිය ඒ වැඩෙන් ජවිපෙට තමයි ලොකුම ෂොක් එක කියලයි ජවිපෙ හිතවතුන් කතා වෙන්නෙ.

ගොම්මන්පිලගේ පැනිල්ල!

සජබට තව කුණු එකතු කිරීමක් ද?

නිදහස ජනතා සන්දානය මේ වෙද්දි දෙකඩ වෙලා..

ඔින්න පහුගිය දවසක ගම්මන්පිල, විමල් හා ගෙවිඳු අතර සාකච්ඡාවක් තිබුණලු.

 

‘දැන් ඉතිං කරන්න තියෙන හොඳම දේ දිලිත්ට උදව් කිරීම’ කියල ගෙවිඳු කිව්වලු..

 

‘ඇයි දිලිත් ට මොකද? දිලිත් නෙවෙයි මම තමයි ජාතිකවාදී කඳවුර හැදුවෙ, ඒ හින්ඳ එහෙමනම් මම තමයි ජාතිකවාදී කඳවුරේ  අපේක්ෂකයා වෙන්න  ඔින” විමල් වීරවංශ කියල..

 

මේ කතා අහපු ගම්මන්පිල හෙමීට ගිහින් සජබයේ සජිත්ව හමුවෙලා ලයින් එකක් දාගෙනලු.

 

නිදහසේ කොටසක් මේ වෙද්දිත් සජබය එක්ක එකතු වෙලා ඉන්නෙ.

මේ එකතුවීම එක පැත්තකින් සජබයටත් ප්‍රශ්නයක් වෙලා. ඒ වඳ කොත්තු, වඳ ඇඳුම් වගේ කාරණා නිසා මේ එකතු වෙච්චි සමහර පුද්ගලයින් ගැන සජබට සම්බන්ධ දෙමළ මුස්ලිම් පක්ෂවල නායකයින්ගෙ අකමැත්ත නිසා ලු.

මොනව උනත් ඔින්න නිදහසේ හිටපු ගම්මන්පිල සජබයට  ළඟදීම පනින්නයි යන්නෙ. ඒක දැන්ම ප්‍රසිද්ධ නොකරන්න සජබ නායකයා උත්සාහ ගන්නවලු.

 

ඒ එයාගෙම පක්ෂෙ පරණ සාමාජිකයින්ගෙන් විරෝධයක් නැවත මතුවෙන්න ඉඩ තියෙන හින්ඳලු.

චන්න ජයසුමනල, නාක ගොඩහේවල එකතු වුනු වෙලාවෙ චන්නව කොළඹට දාන්න සජිත් ට්‍රයි කලා මතකයි නේද?

ඒ වෙලාවෙ හිරුනිකා, මුජිබර්, මරික්කාර් වගේ සජබය වෙනුවෙන් මුල ඉඳලම කැප වෙලා වැඩකරපු නායකයො ඒ වැඩේට විරුද්ධ උනා ලු.

ඒ නිසා එදා සජිත් ලොක්කට  සිද්ධ උනාලු  චන්න ජයසුමනව අනුරාධපුරේම තියන්න.

ඉතිං ගම්මන්පිල ආවම ඒක නැවතත් මතුවෙයි කියල දන්න හින්ඳ සජිත් ඒ පිල් පැනිල්ල දැන්ම එලියට දාන්න සූදානම් නැතිලු...

ඒ මොනව උනත් ගම්මන්පිල ගැන අතීතය මතකයි නේද?

2015 මහින්ද රාජපක්ෂට එවක ජනාධිපතිවරයාට විරුද්ධව පොදු අපේක්ෂකයෙක් තෝරන වෙලාවෙ ඒ පොදු අපේක්ෂකයට ජාතික හෙළ උරුමයෙ සහයෝගය ලබාදෙනව කියල මහරගම යූත් එකේ තිබිච්ච රැස්වීමේදි මුලින්ම  කිව්වෙත් ගම්මන්පිල ලු. ඒත් වැඩේ කෙරීගෙන ගිහින් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙච්චි ගමන්ම කට්ටියව දාල පැනල ගිහින් ආයෙම රාජපක්ෂලට එකතු උනා ලු.

 

දැනුත් වෙලා තියෙන්නෙ ඒ නාටකයම තමයි කියලත් ඒ වැඩෙන් මෙදා සැරේ  අතරමං වෙන්නෙ රතන හාමුදුරුවොයි, ගෙවිඳුයි, විමලුයි කියලත් කට්ටිය කියනවා.

කොහොම උනත් ඩලස්ල, චරිතල මේ වෙද්දි පාටලීත් එක්ක සන්දානයට එකතු වෙලා කියල තමයි අපිට නම් ආරංචි.

සමහරු නම් කියනවයි කියන්නෙ  මේ පීලි පැනිලි වලින්  සජබට තවත් කුණු ගොඩවල් එකතු කරගන්නව කියලලු.

කොහොම කොහොම හරි හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට...

බලන් ඉමු නේහ්!

 

#Gossip