SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ "පොරොන්දු දේශපාලනය" බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි.

ජාත්‍යන්තර රේගු දිනය සමරමින් අද(26) කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

 

විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ දේශපාලනය සහමුලින්ම සකස්වී තිබුණේ පොරොන්දු දේශපාලනය මත වන නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මෙම චෝදනාවට ප්‍රම්‍රඛවම එල්ල විය හැක්කේ රාජපක්ෂ දෙශපාලන මතවාදය බව පෙනී යන්නේ යැයි දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත.

 

එසේනම් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ චෝදනා හරහා පොහොට්ටු දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමක් සිදුකරනවාද?

 

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙරට සියලුම දේශපාලන පක්ෂවලින්, විශේෂයෙන්ම මැතිවරණ සඳහා සූදානම් වනවිට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවය.