SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැබිනට් මණ්ඩලයේ වෙනසක්. එස්බීටත් කැබිනට් ඇමතිකමක්...

මේ වෙද්දි රාජපක්ෂ කඳවුර බිඳ වැටෙමින් තිබෙන බවත් බැසිල් රාජපක්ෂගේ න්‍යාය පතුය අවුල් වෙමින් ඇති බවත්, ඔවුන් කරන දේ ගැන පැහැදිලි මතයක් නැතිබවත් දැන් හොඳටම පැහැදිලිය කියලයි රාජපක්ෂ කඳවුරේම අය කියනවය කියන්නෙ.

මේ හින්ඳ වික්‍රමසිංහ උන්නැහේ ඒකෙ වාසිය තමන්ට එයි කියල හිතනවලු.

 

 

|ඒ මොනව උනත් පවත්වනවායැයි යූඇන්පී යේ වජිරලා රංගේලා  පරසක්වලේ ගසනා ඉදිරි ජනාධිපතිවරණය ගැන කපටි නරියනම් කියනවය කියන්නෙ තමා 'අප්‍රේල්වල කරන දේ කියන්නම්' කියලාලු.

ඒ කියන්නෙ ජනාධිපතිවරණයක් තියෙනවාද මුලින් මහා මැතිවරණයක් තියෙනවාද කියන අවිනිශ්චිතතාවය තවමත් එහෙමමය. ඒ අතරෙ ජනාධිපතිවරණයක් තියේවිද කියන එකත් දැන් සැකයක් වෙලාලු.

 

 

 රනිල් නායක  උන්නැහේ කියන්නෙ නීති රීති පයිසෙකට මායිම් නොකරන උද්දච්ඡ ඔලුවක් තියෙන දේශපාලකයෙක් කියලයිලු  විපක්ෂයේ ඇත්තන්ගෙ අදහස වෙලා තියෙන්නෙ.

 

අවුලක් නැතිව ප්‍රසිද්ධියේ කෙප්ප  ඇද බෑම..

 

ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඔන්ලයින් පනත ගැන අදහස් දක්වපු මහජන ආරක්ෂක ඇමති කිව්වය කියන ආසියානු ඉන්ටර්නෙට් ආයතනයද මේ පිළිබඳව දැනුවත් කර ඇතැයි කියූ කතාව එම ආයතනය විසින් ප්‍රතික්ෂේප කරනවලු.

ඊයේ අමාත්‍යවරයාගේ කතාවෙන් පසු නිවේදනයක් නිකුත් කර ඇති ආසියානු ඉන්ටර්නෙට් සමාගම කියන්නේ,

 

|සහයෝගී තාවයෙන් ඉදිරි කටයුතු කිරීමට සූදානමින් සිටිය ද , මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ සංශෝධන පිළිබඳව මෙතෙක් ආසියානු ඉන්ටනෙට් සන්ධානය දැනුවත් කර නොමැති බව ලු.

 

 

ඒ වගේම වර්තමාන ස්වරූපයෙන් මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක කළ නොහැකි අතර ශ්‍රී ලංකාවේ විද්‍යුත් ආර්ථිකයට ගලා එන සෘජු ආයෝජනවලට ද, එමගින් බලපෑමක් එල්ල වන බව, ඒ  නිවේදනයෙන් කියවෙනව කියලයි කියන්නෙ...

 

 කිසිම හිරිකිතයක් නැතිව ජාත්‍යන්තර බොරු කියන්නම් උපන් හපන් රටක්ලු මේක...

 

රාජපක්ෂ පවුල් සමුළුව හා ගෝඨාගේ යෝජනාව...

 

පහුගිය දවස්වල සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයෙ තිබිච්ච පක්ෂයේ සංවත්සර සමුලුවෙන් පස්සෙ ඔන්න රාජපක්ෂ පවුල් සමාගමේ සාකච්ඡාවක් තිබුනලු.

 

|මෙතැනදි  හිටපු ජනාධිපති ගෝඨාභය කියල තියෙනවලු දැන්වත්  මේ පොහොට්ටු පක්ෂය රාජපක්ෂ පවුලේ ග්‍රහණයෙන් ගලවල ඉතිරි මිනිස්සුන්ට කරගෙන යන්න දෙන්න කියල. ඒකියන්නෙ ලංකාවෙ හැම තැනකින්ම මතුවන විරෝධතාවලට මුහුණ දෙන්න ටිකක් පහුබහින්න තමයි ගෝඨාගෙ යෝජනාව වෙලා තියෙන්නෙලු.

 

 

ඒත් ඉතිං පවුලේ අනික් අයනම් ඒකට කොහෙත්ම කැමති වෙලා නැතිලු..

 

හැබැයි ඉතිං රාජපක්ෂලා මොනව හිතාගෙන හිටියත් නාමල්ගේ අනාගත රජ සිහිනය වෙනුවෙන් රාජපක්ෂ පවුල්වාදය කරට ගනිපු අය දැන් පොදුජන පෙරමුණු පක්ෂයේ නම් නැති එක ඇත්තක්ලුය. ඒ හින්ඳ තමයි ගෝඨාභය හිටපු ජනාධිපතිවරයා ඔය වගේ යෝජනාවක් ගෙනත් තියෙන්නෙත් ලු.

 

ඒ මොනව උනත් පොහොට්ටුවේ වගේම රාජපක්ෂ පවුලෙත් තීන්දු තීරණ ක්‍රියාත්ම වෙන්න අවසාන නිවේදනය නිකුත් වෙන්නෙ ශිරන්ති නෝනගෙන් හින්ඳ ඒ තමයි තීරණාත්මක සාධකය කියල කව්රුත් ඒ ගැන ඇහැ ගහගෙනලු ඉන්නවය කියන්නෙ...

 

අලුතින් ගොඩනැගෙන සන්ධානයට ඉන්දියාවේ හයිය...

 

අලුතින් ගොඩනැගෙමින් තියෙන මහා සන්ධානයක් ගැන අපේ ගොසිප් තීරයෙන් දැන් කිහිප වතාවක්ම අපි කිව්ව.

මේ කියන්න යන්නෙ ඒ සන්ධානයට දකුණු ආසියාවේ භූ දේශපාලනය බලපාන අන්දම ගැනැයි.

ඔන්න ඉතිං මේ අළුත්  සන්ධානයෙ ලොක්කෙක්ට පහුගිය දවසක ඉන්දියාවේ ලොක්කො එක්ක සාකච්ඡාවක් තිබිල.

මේ දවස්වල ඉන්දියාව ලංකාවේ දේශපාලනය ගැන ටිකාක් විතර කණස්සල්ලෙන්ලු ඉන්නෙ.

හැමදාම ඉන්දියාව කලේ ලංකාවේ ආණ්ඩුවක් දුර්වල වෙද්දි රටේ විපක්ෂය එක්ක එකතු වෙලා ගේම ගහන එක.

 

පහුගිය කාලෙ රාජපක්ෂලා වැටෙද්දි ඉන්දියාව විපක්ෂ නායක  සජිත් උන්නැහේට උදව් කලේ බස් දීලා, සල්ලි දීලා ලු.

ඒත් දැන් ඉන්දියාව හිතනවලු සජිත් කියන්නෙ දුර්වල නායකයෙක් කියලලු. ජෙප්පො මේ තරම් උඩට ඉස්සුනේ ඒ හින්ඳ  කියලලු ඉන්දියාවෙ අදහස වෙලා තියෙන්නෙ.

 

ඉන්දියාවෙ කැමැත්ත ලංකා‌ව IMF වැඩසටහන එක්ක ඉදිරියට යන එකලු. ඒකෙදි JVPය ගැන ඉන්දියාවෙ සෑහීමකට පත්වීමක් නැති නිසාත් විශ්වාසය තියපු සජිත් ඒකට මුහුණ දෙන විදිහ දුර්වලයි කියලත් බොහොම කණස්සල්ලෙන් ඉන්නවලු.

 

|ඉන්දියාව කොහොමත් රනිල් ලොක්ක එක්කනම් වැඩි පයුරු පාසානයක් ඉතිහාසය පුරාවටම තියාගත්තෙ නැහැලු. රනිලුත් ඉන්දියාව එක්ක සෙට් උනේ නැහැලු. පහුගිය දවස්වල ඔය ඉන්දියාව ඉල්ලපු දේවල් දීල දාල පැත්තකට වෙලා චීනය එක්ක ගනුදෙනු කලා ඇරෙන්න රනිල් ලොක්ක දන්නවලු  ඉන්දියාව එයාට කොහොමටත් කැමති නැහැ කියල.

ඉතිං දැන් ඉන්දියාව තීරණයක් අරගෙනලු ඔන්න අලුතින් හැදෙමින් තියෙන සන්ධානයට සම්පූර්ණ බර දාල උදව් කරන්න.

 

කොහොමත් ඉතිං ලංකාවේ දේශපාලනයෙදි ඉන්දියාව කියන්නෙත් මග හරින්න බැරි සාධකයක් කියලනම් කියන්නම ඔින කියලයි විශ්ලේෂකයො පෙන්වල දෙන්නෙත්ලු.

 

 

කරූගෙ කටින් පැන්නේ රනිල් ගේ ඇජෙන්ඩා එකද?

 

ඔන්න ජනාධිපතිවරණ මැතිවරණයක් පැවැත්වෙන කතාබහ ආපු ගමන්ම ආයෙත් කාලයක් යටපත් වෙලා තිබුණු විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු සටන් පාඨය ඉහලට එසවිලාලු.

 

පහුගිය දවසක කොල්ලුපිටියෙ රේණුකා හෝටලයෙදි සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ වැඩමුළුවක් පැවැත්වුනාලු.

මේ වැඩමුළුවෙදි ඔය කියන යෝජනාව කරූ ජයසූරිය විසින් ඉදිරිපත් කලාලු.

මේ වැඩමුළුවට ලංකාවේ පක්ෂ විපක්ෂ බොහෝ ප්‍රසිද්ධ චරිත සහභාගී වෙලා තියෙනවාලු.

 

ඒකට සහභාගී වුනු පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසත් කරූ ජයසුරිය ගෙනාපු යෝජනාව වුනු විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි කියන එකට එකඟ උනාලු.

 

 

|හැබැයි මෙතනදි පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චියි, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නයි කරූට කිව්වලු ඒක එහෙම උනාට මේ වෙලාවෙ මේ සටන්පාඨය රනිල්ගේ ඇජෙන්ඩා එකට ගැටගහන්න එන්න එපා  කියල. ඒ කතාවට නම් හැමෝම වගේ එකඟ උනාලු.

 

 

ඒත් රාජිත ලොක්ක කියල තිබණෙ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවානම් රනිල් තව ටික කාලයක් ඔය තනතුරේ හිටියත් කමක් නැහැ කියලලු.

 

කොහොම උනත් ආරංචියේ හැටියට ඉන්පස්සෙ, මේ වගේ යෝජනවාක් මේ වෙලාවෙ ගෙනැල්ල රනිල්ගෙ ඇජෙන්ඩා එකට සපෝර්ට් කරන වැඩක් නොවෙන තැනට කරූත් එකඟ වුනා කියල තමයි අපිට නම් ආරංචි උනේ...

 

 

මහ නායක හිමිවරුන්ගෙන් සඟ සමුළුවක්...

 

මේ දවස්වල මැතිවරණ වර්ෂයක් කියපු හින්ඳමද කොහෙද හැම දේශපාලන පක්ෂයක්ම මහනායක හිමිවරුන්ව හමුවෙන්න මල්වට්ටි, පිරිකර උස්සගෙන යනව අපි දැක්ක.

 

|ඒ මොනව උනත් මහනායක හිමිවරු යෝජනා කරන්නෙ වෙනම වැඩපිළිවෙලක් ලු. ඒ බෞද්ධ ශාසනය රැකගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් ලු.  ඒකෙදි කිහිප දෙනෙකුගෙ නම් කියල තියෙනව කියලත් ආරංචියි.

 

 

ඒ හින්ඳ මේ අව්රුද්දෙ ඉක්මනින්ම සඟ සමුළුවක් පැවැත්වෙයි කියලත් ඒක හුගක් වෙලාවට අලුතින් හැදෙන සන්දානයේ දේශපාලන වැඩසටහනට තීරණාත්මක සාධකයක් වේවි කියලත් දේශපාලන විශ්ලේෂකයො කියනවලු.

 

 

#Gossip