SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඝාතනයට ලක් වූ ප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් ගේ ජංගම දුරකථන සිම්පත බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම

රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල සඳහන් කළේය.

 

තම සැමියා ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් තමාට ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.

 

|දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් ඇති බවත් ඔහු ඝාතනයට ලක්වීමට පෙර භාවිතා කළ දුරකථන අංකය දැක්වෙන නව සිම්පතක් ඔහුගේ බිරිඳට ලබාදීම තුළින් එම විමර්ශන කටයුතුවලට බාධාවක් සිදුවිය හැකි බැවින් ඔහුගේ බිරිද කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ පූර්වගාමී මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කළාය.

 

සිම්පත නිකුත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබියදී  නැවත ඉල්ලීමක් කරමින් කරුණු දැක්වූ නීතිඥවරයා අධිකරණයට සඳහන් කර සිටියේ ව්‍යාපාර කටයුතු සඳහා දුරකථන අංකය අත්‍යවශ්‍ය වී ඇති බවය.

 

මරණකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කළේය.

 

@lankadeepa