SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යුක්තිය මෙහෙයුම වහාම තාවකාලිව අත්හිටුවා එය සමාලෝචනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥන් පිරිසක් ඉල්ලා ඇත.

ඔවුන් පවසන්නේ බලධාරීන් සෞඛ්‍ය සහ මානව හිමිකම් වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවය.

 

මේ අතර, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පොලිසියට නියෝග කර ඇත්තේ   ජනතාව සමග සමීපව කටයුතු කළ යුතු බවය.

 

|පොලිස් නිලධාරින් යනු මහජනතාව සමඟ ඉතාමත් සමීපව කටයුතු කළ යුතු පිරිසක්. ඒ අතරින්ද රථ වාහන පොලිසිය ජනතාව සමග ඉතාම සමීප මෙහෙවරක නිරතවනවා. පසුගිය කාලය තුළ පොලිසියත් මහජනතාවත් සමඟ පැවති සබඳතාවයේ මඳ දුරස්ථභාවයක් දක්නට ලැබුණා. පසුගියදා ආරම්භ කෙරුණු යුක්තිය මෙහෙයුමත් සමග මහජනතාව නැවතත් පොලිසිය සමඟ කිට්ටු සබඳතාවයකින් කටයුතු කිරීම ආරම්භ වී තිබෙන බව පෙනී යනවා.”



පසුගිය ආසන්න කාලය තුළ සිදුවූ සිදුවීම් පසුබිම් කරගෙන අමාත්‍යවරයා විසින්  ජනතාව නැවතත් පොලිසිය කෙරෙහි පවතින විශ්වාසනීයභාවය ශක්තිමත් යන හෙයින් පොලිසියද තවදුරටත් ජනතාව සමඟ වඩාත් සුහදශීලීව කටයුතු කරමින් ඒ සබඳතාවය ශක්තිමත් කරගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

 

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (22) නියෝග කළේය.

 

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව ගොනුකළ තවත් පෙත්සම් දෙකක් ලබන 31 දා සලකා බැලීමට නියමිතව තිබෙන බවත් එදිනම මෙම පෙත්සමත් සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් ඉල්ලා ඇත.

 

එහිදී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ තමන්ට මෙම නඩුවට අදාල නොතීසි ලැබුණේ පෙරේදා දින බවයි.