SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පත් වී ඇත.

ඒ අදාළ තනතුර සඳහා ඊයේ  (21) පැවති රහස් ඡන්දයෙන් අනතුරුවයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්බි යෝගේෂ්වරන් එම තනතුර සඳහා තරග කළ සෙසු සාමාජිකයන් වේ.

 

එම රහස් ඡන්දය ත්‍රිකුණාමලයේ දී පැවති අතර පක්ෂ නියෝජිතයින් 340 දෙනෙකු රහස් ඡන්දය භාවිතා කිරීමටයි නියමිතව තිබුණි.

 

 

|නායකත්වය සඳහා තරග වැදුනු  පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ඡන්ද 136ක් ලබා ගනිද්දී එස්. ශ‍්‍රීධරන් ඡන්ද 186ක් ලබාගෙන තිබින.

 

 

දශක කීපයක් තිස්සේම එම පක්ෂයේ නායකත්වය දැරූ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා දැනට මාස කීපයක් තිස්සේ රෝගී තත්ත්වයකින් පසුවීම මත එම පක්ෂයට නව නායකයෙක් පත් කරගන්නා ලදී.