SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයයේ වායු තත්ත්ව දර්ශකයේ දත්ත අනුව

කොළඹ නගරයේ වායු දූෂණ තත්ත්වය ඊයේ (17) පෙරවරුවේදී බරපතළ ලෙස ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ. 

 

|එම දර්ශකයට අනුව, ඊයේ පෙරවරුවේදී කොළඹ නගරයේ කොල්ලුපිටිය ප්‍රදේශ ආශ්‍රිත වාතයේ දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) 163 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර  කොළඹ 07 ප්‍රදේශය ආශ්‍රිතව එම අගය 141 ක් ලෙස වාර්තාවී තිබිණි. නමුත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්ත අනුව කොළඹ නගරයේ එම අගය 78 ක් ලෙසද වාර්තා කර තිබිණි. 

 

එමෙන්ම, බදුල්ල, කුරුණෑගල, මහනුවර යන නගර ආශ්‍රිතවද වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රතිශතය ඉහළ ගොස් තිබිණි.

 

 ඉන්දියාවේ සිට හමා එන සුළංවල බලපෑම මත මෙරට වායු ගුණාත්මක තත්ත්වය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) අජිත් වීරසුන්දර පැවසීය. මේ නිසා ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් මුව ආවරණ පැලඳීම වඩාත් සුදුසු බවද ඔහු කීවේය.

 

@ සාලිය කුමාර ගුණසේකර

aruna