SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තුන්වන විස්සයි විස්ස තරගය අද (18 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර 1 - 1ක් වශයෙන් සමව ඇති තරගාවලියේ විසඳුම අද තීරණය වීමට නියමිතය.

ඒ අනුව තමන්ගේ රටේදීම සිම්බාබ්වේ වැනි කණ්ඩායමක් හමුවේ තරගාවලි පරාජයකට ලක්වීමේ අන්ත අවමානයෙන් ගැලවීමේ පීඩනය කරපින්නාගෙන ශ්‍රී ලංකාවට අද පිටියට පිවිසීමට සිදුවනු ඇත.

 

තරගාවලියේ පළමු තරගය පසුගිය ඉරිදා (14 වැනිදා) පැවැති අතර එහි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේදී ජය හිමි කරගැනීමට සමත් විය. ඉන් අනතුරුව පෙරේදා (16 වැනිදා) පැවැති දෙවන විස්සයි විස්ස තරගයේ ජය අවසන් පන්දුවාරයෙන් හිමි කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

 

අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ තදාසන්න ප්‍රදේශවලට සුළු වර්ෂාපතන බලාපොරොත්තු විය හැකි බව වාර්තා වූවත් තරගය පැවැත්වෙන මිනිත්තු 210ට ආසන්න කාලය තුළ වර්ෂාවෙන් බාධාවක් එල්ල නොවනු ඇති බවට විශ්වාස කෙරේ. කෙසේවෙතත් ආර්ද්‍රතාවය 7%ට අද පහත වැටෙනු ඇතැයි වාර්තා වන අතර මේ හේතුවෙන් දඟ පන්දුවට සහ පිතිකරණයට වඩාත් හිතකර තණතීරුවක් බලාපොරොත්තු විය හැක.

 

|තරගාවලියේ පළමු තරග දෙක තුළදීම දක්නට තිබූ ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවය තීරණාත්මක තුන්වන තරගයේදී හෝ මග හැර ගැනීමට පියවර ගැනීම අතිශයින්ම වැදගත් වනු ඇත. අමතර ඉල්පීමක් සහිත සිම්බාබ්වේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනාගේ පන්දු සඳහා දැක් වූ දුර්වලතාවය මග හරවා ගැනීම මුල් පෙළ පිප්තිකරුවන්ගේ ප්‍රධානතම කාර්යය වනු ඇත. එමෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමේ අතිරේක පන්දු යවන්නන් යොමු කරන පන්දුවාර 4ට ආසන්න සංඛ්‍යාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කඩුලු රැක ගැනීම අනිවාර්ය වේ. එමෙන්ම තරගාවලිය පුරා දක්නට තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතා මග හරවා ගැනීමත් ජයග්‍රහණයට මාවතක් වනු ඇත.

 

පළමු තරග දෙක තුළදී එකිනෙකට වෙනස් ස්වරූපයන් පෙන්නුම් කළ තණතීරු දෙකක් දක්නට ලැබුණ අතර අද තරගය සඳහා පිතිකරුවන්ට වඩාත් උචිත තණතීරුවක් ලබා දීම සඳහා වැඩි ඉඩක් පවතියි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිදු වූවහොත් ලකුණු 180ක් වැනි ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සිදු වනු ඇත. කෙසේවෙතත් පළමු පන්දුවාර කීපයේ හැර අනෙකුත් පන්දුවාර තුළ දෙවන ඉනිම පිතිකරණයට වඩාත් උචිත බවක් පෙනෙන අතර මේ හේතුවෙන් කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යොමු කිරීමේ ඉඩක් පවතියි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම අද එක් වෙනස්කමක් පමණක් සිදු කරමින් ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර බොහෝදුරට සධීර සමරවික්‍රම හෝ කුසල් ජනිත් ඉවත් කොට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමේ ඉඩක් ඇත.

 

@aruna