SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් කාන්තා ජාතික ව්‍යාපාරයක් ලෙස  “සුරක්ෂිත  පදනම” ගොඩනැගී ඇත්තේ  පක්ෂ පාට භේදයකින් තොරවය.

එහි අරමුණ වන්නේ වර්තමාන සමාජයේ කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් දීප ව්‍යාප්තව කටයුතු කිරීම හා මැදිහත්වීමය.

 

මෙම ව්‍යාපාරය මීට මාස දෙකහමාරකට පමණ පෙර ගොඩනගා ඇති අතර දිවයින පුරා මෙම ‘සුරක්ෂිත පදනම ජාලය’ ක්‍රියාත්මක  වන බව එහි සංවිධායක කමිටුව කියයි.

 

 

|දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන කමිටු මගින් ඒ ප්‍රදේශයේ සිටින අපයෝජනයට හා අවදානමට ලක්වූ කාන්තාවන් හා දරුවන් හඳුනාගනිමින් ඔවුන් සුරක්ෂිත කිරීම මෙම ජාතික වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත.

 

 

එමගින් පාසැල් තුළ දී ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීම, ඔිනෑම අයෙකුට නීතිමය වශයෙන් උපකාර හා ආරක්ෂාව ලබාදීම අරමුණු කෙරෙන අතර දිස්ත්‍රික් මට්ටමින් වෘත්තිකයින් (නීතීඥ/වෛද්‍ය) සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

 

|මෙම ජාතික වැඩසටහන ජනගත කිරීම ජනවාරි මස 19 වැනි සිකුරාදා (එනම් හෙට) පෙරවරු 10 සිට 12 දක්වා කොළඹ මහජන පුස්තකාල ශාලවේදී සිදුකෙරෙන අතර එහිදී පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාව සඳහා ලංකාවේ විවිධ පක්ෂවල හා සංවිධානවල ප්‍රධාන තනතුරු දරන කාන්තාවන් සහභාගී වීමට නියමිතය.

 

 

කාන්තාවන් එක්ව කාන්තාවන් හා දරුවන් සුරක්ෂිත කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ ජනගත කිරීමට සහභාගී වන ලෙස සියළුම මාධ්‍ය ආයතනවලට සහ කාන්තාවන්ට සුරක්ෂිත පදනම ආරාධනා කර සිටී.