SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

 

මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුළක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

 

|ඒ අනුව මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදි.

 

එහිදී දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.