SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියයි.

ඔහුගේ පුද්ගලික  විශ්වාසය රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව යැයි සඳහන් කරයි.

 

මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවද ඔහු කීය. එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද රණතුංග පවසයි.

 

|මෙතෙක් දිනක් පොහොට්ටුවෙන් බිඳී වෙන්වූ කණ්ඩායමේ මතය ජනපති  රනිල් වෙනුවෙන් පොදුවේ  දැක්වූවත් මේ වනවිට එම කණ්ඩායමේ මතය ලෙස එය ප්‍රකාශ කිරීමට නොහැකි තත්වයක් මතුව  ඇතැයි ද මේ නිසා පුද්ගලික අදහස් පළකිරීමට ඔවුන්ට සිදුව ඇතැයි ද සමාජ මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවට ලක්ව ඇත.

 

 

මේ අතර සීසී කඩ විසිරී ගොස් ඇති පොහොට්ටුව යළි ගොඩනැගීමේ බර කරට ගෙන සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව ගොස් ඇති ඩලස් ජී ඇල් ඇතුළු පිරිසට යළි පක්ෂයට ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

 

ඒ ආරාධනය තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොහොට්ටුව පක්ෂයෙන් යළිත් අවස්ථාවක් නොලැබෙන බවට ඉඟියක් බවයි විචාරක මතය වී ඇත්තේ.