SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්

ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත.

 

එම මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය ගැන පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව ද  මෙන්ම පුද්ගලයන්ගෙන් එල්ලවන පැමිණිලි  පිළිබඳවද වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරවමින් එම ලිපිය යොමුකර ඇත.

 

 

|යුක්තිය මෙහෙයුම රටේ පවතින නීතිරීති රාමුව තුළ නිසි ක්‍රියාදාමයන් අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන ලෙසද මෙම ලිපිය මගින් දැනුම් දී ඇත.

 

 

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් හැසිරෙමින් මෙහෙයුම ක්‍රියාත්මක කරන්නැයි සියලුම නිලධාරීන්ට උපදෙස් දෙන ලෙසද පොලිස් කොමිසම දැනුම් දෙයි.

 

Cnews