SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තෛපොංගල් දින ආශීර්වාදය ලබාගන්නා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  සහ ඔහුගේ ආරාධනයෙන් සහභාගී වූ පක්ෂයේ ජ්‍යෙෂ්ටයෙකු වන නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා. 

 

දමිළ හින්දු භක්තිකයින් උත්සවාකාරයෙන් සමරනු ලබන තෛපෝංගල් උත්සවය නිමිත්තෙන් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ මෙහෙයක් සිදු කෙරිනි.

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ආශීර්වාදය ලබාගත් අයුරු පින්තූරයෙහි දැක්වේ.

 

WhatsApp Image 2024 01 16 at 15.34.34WhatsApp Image 2024 01 16 at 15.35.44WhatsApp Image 2024 01 16 at 15.36.21

මෙම උත්සයවයට සහභාගී වන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන නාලක ගෝඩහේවා මන්ත්‍රීවරයාටද විපක්ෂ නායකවරයා විසින් ආරාධනා කර තිබුණි.  

 

 

|"අස්වැන්න නෙලීමේ උත්සවය" යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.