SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(කාටූන් පින්තූරය අද දෙරණෙන්)

 

ජනාධිපතිවරණයට වඩා අපේක්ෂකයෙක් වෙන තරඟය තමයි දැන් උණුසුමටම සිද්ධ වෙන්නෙ.

සමහර පක්ෂවල අපේක්ෂකයා කව්ද කියල පැහැදිලිව කියැවුනත් සමහර පක්ෂ සන්ධානවල තවමත් හරිහමන් තීරණයක් නැතිලු. ඉතිං ඒ තීරණය වෙනුවෙන් මේ දවස්වල නිවුස් ප්ලාන්ට් කෙරෙනව හිටු කියල.

 

 

පොහොට්ටුවෙ අපේක්ෂකයා

 

මේ ඊයේ පෙරෙයිදා දවසක තලවතුගොඩ මොනෑක් ඉම්පීරියල් එකට  පොහොට්ටුවේ ‌ලොකු ලොක්කො එකතු වෙච්ච වෙලාවක මාධ්‍ය සගයො මහින්ද මහත්තයාගෙන්  ඇහුවලු පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකය කව්ද කියල?‍

 

  • ජනාධිපතිතුමා කව්ද මේ පාර පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා? රනිල් වික්‍රමසිංහ මහත්තයද?

 

  • රනිල් වික්‍රමසිංහ මහත්තය ඉතිං එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා. අපේ අපේක්ෂකයා අපි තවම  තීන්දුකරල  නෑ. සමහරවිට  අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.‍

ඔන්න මහින්ද මහත්තයගේ මේ කතාවෙ කෑල්ලක් අරගෙන වික්‍රමසිංහ  බලකාය නිවුස් එකක් ප්ලාන්ට් කලාලු.

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න නැතිවෙන්නත් පුළුවන්...

ඔය විදිහට ඉඩක් හදල වික්‍රමසිංහ මහත්තයගෙ  අපේක්ෂකත්වය ගැන ආයෙත් කතාබහක් හැදුවලු.

 

 

රනිල් රනිල් රනිල් 

 

 

මේ වර්ණපාල තියරිය මොක උනත් රනිල් මහත්තය තවමත් ජනපති සටනට එන එක ගැන දෙගිඩියාවෙන් ලු ඉන්නෙ..

හැබැයි වටේ ඉන්න යූඇන්පී කට්ටියටම රනිල් මහත්තය නැති උනොත් ආයෙ මේ කපේදි මැතිවරණයකින් දිනාගන්න බැරි වෙන හින්ඳ මේ දවස්වල ලක්ෂ සීයක ඡන්ද ගන්නව කියමින් රස කතා කියවනවලු..

 

මේ ඔක්කොම මැද්දෙ පොහොට්ටුවෙන් රනිල් මහත්තයව පත් නොකරවන එකටත්  මූලික වෙලා තියෙන්නෙ ශිරන්තියි නාමලුයි කියලයි කියන්නෙ..

 

 

ඒ දෙන්නට විරුද්ධ වෙලා රනිල් ලොක්කට නාමයෝජනා දෙන්න පොහොට්ටු ලොක්කෙ ටිකක් බයයිලු.

ධම්මික ගෙ නම ප්‍රසිද්ධ කළේ මේ අවුල ලිහාගන්න ඔින නිසාලු.

මොකද මීට කලිනුත් ඒ දෙන්න විරුද්ධ වෙද්දි කරපු වැඩ වලින් නැට්ටටම විනාස වෙච්ච හින්ඳ ආයෙ දෙසැරයක් හිතන්න වෙලාලු.

ඒක ගැන කතාව මෙන්න මෙහෙමලු.

 

දින 52 කතාන්දරයක්

 

 

යහපාලනය අවසන් කාලෙ මතක ඇති නේ දින 52 පාලන කාලය.

ඒ වෙලාවෙ මෛත්‍රී ලොක්ක රනිල් උන්නැහේ එක්ක අවුලෙන් ඉද්දි ශිරන්තියි නාමලුයි කියල තියෙනව මහින්ද මහත්තයව අගමැති කරන්නය, ඊට පස්සෙ ඡන්දෙදි පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දෙන්නම්ය කියල.

ඒකට පදනම වෙලා තිබුණෙ බැසිල් හෝ ගෝඨාභයව අපේක්ෂකයො කරෝතින් ඒකෙන් නාමල්ගෙ දේශපාලන අනාගතයට කෙලවෙයි කියලලු.

ඒත් ඉතිං දෙරණ දිලිත්ල එකතු වෙලා මීඩියා ගේම් ගහල ගෝඨට අපේක්ෂකත්වය අරන් දුන්න ලු.

මොනව උනත් ශිරන්ති දේශපාලනය ගැන හිතන්නෙ තමන්ගෙ පුතාගෙ කලදවස ගැන නිසා එයාට ඉවෙන් වගේ දැනිච්ච ඒ සිද්ධිය පස්සෙන් පහු කාලෙ හරියටම හරි ගියාලු.

 

මේ හින්ඳ මහින්ද ලොක්ක ඇතුළු පොහොට්ටු වෙ සෙට් එකට තේරිලාලු ශිරන්ති නෝන කියන ඒව හරිය කියල.

 

ශිරන්තිගේ ඉව

 

 

එදා බැසිල්ට ගෝඨට විරුද්ධ උනා වගේම මේ පාරත් ශිරන්තියි නාමලුයි දෙන්න එක හෙළා විරුද්ධයිලු රනිල් ලොක්කට පොහොට්ටුවෙන් අපේක්ෂකකම දෙනවට.

 

එහෙම උනත් මෙදා පාර රාජපක්ෂ කඳවුරෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නෙ නෑ කියල තීරණය කරන්න වෙලා තියෙන හින්ඳලු පිටින් කෙනෙක් විදිහට සල්ලි භාගෙ තියෙන ධම්මික උන්නැහේව වැඩේට පංගාර්තු කොරගෙන තියෙන්නෙ.

ඉතිං වජිරල රවීල මනූෂල රනිල් ජාතික අපේක්ෂකය කියල  කොයිතරම් කෑ ගැහුවත් ඒ වැඩේ නම් පොහොට්ටුව පැත්තෙන් වෙනව බොරුලු.

 

අහක යන නයි රෙද්ද අස්සෙ දා ගැනීම

 

 

දැන් මේ අව් අස්සෙ වියත්මගෙන් පැනල පොහොට්ටුවෙ වැඩ ඉඳල එතැනිනුත් ලෙස්සලා ගිහින් නිදහස ජනතා සභාවේ වාඩිවෙලා හිටපු ‍ ගොඩහේවායි ජයසුමනයි දෙන්නව රෙද්ද  අස්සෙ දාගත්තු සජිත්ට මේ දවස්වල වැඩේ පල දෙමින් යනවලු.

 

මේ වඳ කොත්තුලාව කිසිම වග විභාගයක් නැතිව බාරගත්තු හින්ඳ ඔන්න සජිත් උන්නැහේ එක්ක එකතුවෙලා හිටපු උතුරු නැගෙනහිර පක්ෂවල නායකයො ටික ටික සජබෙන් ඈත් වෙන්න පටන් අරගෙනලු.

 

ඒකත් සාධාරණයිනේ කියලලු ඒ පක්ෂයේම සමහර ජ්‍යෙෂ්ටයිනුත් අතන මෙතන කසු කුසු ගාන්නෙ.

කොහොම උනත් ඒ බාරගැනිලි හින්ඳ ජන පදනමක් හදාගන්න බැරිව ඉන්න රනිල් ලොක්කට නොමිළයේම වේදිකා හදල දෙනවලු සජිත්ලා.

 

 

 

මහා නාහිමිවරු පාඨලී ට කියපු දේ

 

 

 

මේ අව් අස්සෙ පහුගිය සතියෙ ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික  ගිහින්ලු මහනායක හාමුදුරුවරු හමුවෙන්න.

ඒ හමුව ජනරජ පක්ෂයෙ අයට නම් සුභවාදීයි කියලයි ඒ පැත්තෙන් ආරංචි උනේ.

මහනාහිමිවරු කියල තිබුණෙ ඉදිරියේදී රටට පහල වෙන්න ඔින ශාසන සම්ප්‍රධායන් ගැන දන්න නායකයෙක් කියලලු.

 

“සිවුර විකුණලා බලයට එන අය අවශ්‍යත් නැහැ, පන්සල්වලට සල්ලි දෙන දේශපාලනය නෙවෙයි රටට අවශ්‍ය.. දැන් මේ රටට ඔින වෙන්නෙ බුද්ධශාසනයෙ ප්‍රශ්නය  තේරුම් ගන්න පුළුවන් නායකයෙක්..”

 

මහා සන්දානයක් ගැන කසුකුසු

 

 

ඒ කොහොම උනත් මේව ඒ හැටි එළියට නොආවට අපිට ආරංචි විදිහට මහා සන්දානයක් හැදෙමින් තියෙනවලු.

මේක පරණ ලොකු තැනකගෙ මැදිහත්වීමෙන්ලු සිද්ධ වෙන්නෙ.

 

පරණ නමගිය පක්ෂයක සන්දාන සලකුණ එක්ක වගේම ඒකෙ  මහලේකම් වෙන්නෙ කව්ද කියල ඔන්න පහුගිය රෑක කට්ටිය සෙට් වෙලා ටික ටික එලි කරන්න ගත්තලු.

 

දැන් ඔිකෙ  මහලේකම්කමට අමරවීරයි, සුමතිපාලයි කැරකෙනවලු නේද? නිවුස් වගයකුත් ගිහින් තිබුණෙ..

 

පිස්සුද මචං.. ඒකෙ මහ ලේකම්කම කුරුණෑගල පැත්තෙ ජ්‍යෙෂ්ඨයෙකුට තමයිලු යන්නෙ..ඒක ගැන දැන් කතාකරගෙනත් ඉවරයිලු.

 

කුරුණෑගල පැත්තෙ ජ්‍යෙෂ්ඨයා අර පොහොට්ටුවෙන් කැඩුනු සෙට් එකේ මහලේකම් කියල නේ කියන්නෙ..

 

මචං ඔය හැදෙන සන්ධානයට තමයි ඔය කියන සෙට් එකත් එකතු වෙන්නෙ කියලනේ ආරංචිය..

 

ඒ කියන්නෙ උන්දැලා රනිල් ලොක්ක අපිට, අපි රනිල් ලොක්කට කියල ප්‍රෙස් තියල කියන්නෙ බොරුද එතකොට..

 

වැඩි දවසක් නැහැනේ.. මාර්තු මුල වෙද්දි ඔක්කොම හැංගි හැංගි නටපු නැටුම් එළිපිට නටන්න වෙනව. එතකොට තමයි ඔය ලිබරල් ටෝකර්ස්ලට උණ ගන්නෙ..

කට්ටිය ෂොට් එකක් දාගත්තත් හුගක් කරුණු උපක්‍රමිකව වහගෙන තමයි කියන්නෙ කියලයි මේ කතාව අහගෙන ඉඳල අපිට තොරතුරු ගෙනාපු මිත්‍රයගේ නම් අදහස උනේ.

#Gossip