SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

 

ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

 

 

|කෙසේ වුවද මේ වනවිට ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් වන බව කියන්නට යූඇන්පීයට රට පුරා ප්‍රචාරණ මෙහෙයුමක් දියත් කිරීමට සිදුව ඇති අතර පසුගිය කාලය තුළ පොහොට්ටු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන  නම් කිහිපයක්ම මාධ්‍ය මගින් හෙළිදරව් කෙරී තිබුණි.

 

 

ඒ අතර ප්‍රමුඛස්ථානයේ තිබූ නමක් වන්නෙ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ය.

 

 

|මහින්ද රජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ ප්‍රකාශය සත්‍යයක් වන්නේ නම් පොහොට්ටුව මේ අර අදින්නේ රනිල් වික්‍රමසිංහ වෙත සිය පාක්ෂිකත්වය  පළකිරීමට විය හැකි බවත්, බැසිල් රාජපක්ෂගේ ඇමෙරිකානු ගමන මෙන් ම  ස්වාධීන පොදු අපේක්ෂකයා නැමැති වෙස් මුහුණ හරහා රාජපක්ෂ විරෝධයෙන් වෙන්ව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව  වාසි ගන්නට එය  උප්පරවැට්ටියක් විය හැකි බවත් විශ්ලේෂක අදහස ය.

 

 

එහෙත් පවතින වාතාවරණය යටතේ රාජපක්ෂලා තරමටම හෝ ඊටත් වැඩියෙන් රනිල් වික්‍රමසිංහ වෙත ජනතා විරෝධය එල්ල වී ඇති අතර එම  කතිකාව වෙනස් කරන්නට ජනාධිපති  වික්‍රමසිංහ කොතරම් උපායශීලී වුවද ඡන්දයට ඉදිරිපත්වීමට තරම් එය ප්‍රමාණවත් නොවනු ඇති බව මතය වී ඇත.