SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් විය.  

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග ලකුණු 46ක් රැස්කරගත්තේය.

 

මැතිව්ස්ට අගනා සහායක් ලබාදුන් දසුන් ශානක පන්දු 18කදී ලකුණු 26ක් රැස්කර ගත්තේ හතරේ පහර 4ක් සමගිනි.

කෙසේ වෙතත් අවසන් පන්දු 2ට ලකුණු 6ක් අවශ්‍යව තිබූ මොහොතේ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

එහිදී පිටියට පිවිසි දුෂ්මන්ත චමීරට ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යාමේ භාරදූර වගකීම පැවරුණි.

ඒ අනුව අවසන් පන්දු දෙකේ පළමු පන්දුවට කඩුලු රකින ක්‍රීඩකයාගේ හිසට ඉහළින් හතරේ පහරක් සහ අනෙක් පන්දුවට කඩුලු අතර දිවගොස් ලකුණු 2ක් රැස්කරගනිමින් දුෂ්මන්ත එම වගකීම මැනවින් ඉටුකළේය.

 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල බලපෑමක් එල්ලකළ සිකන්දර් රාසා පන්දුවාර 4කදී ලකුණු 13කට කඩුලු 3ක් දවාගත්තේය.

Blessing Muzarabani ලකුණු 33කට කඩුලු 2ක් දවාගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 143ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සිකන්දර් රාසා ලකුණු 62ක් රැස්කරමින් සිම්බාබ්වේ ඉනිම ඉහළට එසැවීය.

පන්දු 42කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

එහිදී අගනා පන්දු යැවීමක නිරතවූ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවාගත්තේය.