SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජේවීපී එකට ඡන්ද වැඩිවෙනව කියන කැම්පේන් එක ගෙනියන්නෙ වික්‍රමසිංහ ජනාධිපිතවරයාගේ අනුග්‍රහයෙන් බවත්,

ජේවීපී එකට කමෙන්ට් කරන්නෙ කොහේ ඉඳන්ද? ඒකට සීයක බලකායක් දාල ඉන්නෙ කොහොමද කියන විස්තර කියන්නපසුව කියන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

“මම ඒක පස්සෙ කියන්නම්. ප්‍රතිශතය වැඩි වෙන එක ගනං බලන්නෙ කොහොමද? ආර්ටිපිෂලි ඒක උස්සන්නෙ කොහොමද කියල මම පස්සෙ කියන්නම්. දවසක් ඔය වගේ ගෝඨගෙ කතාවකට යුක්‍රේනයේ ඉඳලත් කමෙන්ට් ආව මතකයිනේ?

 

එනිසා, ජේවීපී එකට සියයට තුනයි තියෙන්නෙ. ඒගොල්ලො පස්ගණයකින් වැඩි කර ගත්තත් සියයට පහලොවයි. අපි සියයට විසිපහයි. අපි ඒක දෙගුණයකින් වැඩිකර ගත්තත් සියයට පනහයි. ජනාධිපතිවරණයෙ අපි ගත්ත 42% අපි රැකගත්තනම්  පොහොට්ටුවේ 52%න්  අපිට  ගන්න ඔින සියයට නවයයි. ඉතිං අපිට ප්‍රායෝගිකව  සියයට නවයක් ගන්න පුළුවන්ද කියල හැමෝම දන්නව.

 

 

|ඒනිසා මම මහපොළොවෙ දේශපාලනය කරන මිනිහෙක් විදිහට දැක්ක දේ තමයි රනිල් මහත්තයා ජනාධිපති වෙනකොට පරණ යූඇන්පී කාරයො හිතුව අපේ නායකයා ජනාධිපති උනා දැන් අපිට මොනව හරි කරගන්න පුළුවන් - රස්සාවක් ගන්න පුළුවන්, ගෙයක් ගන්න පුළුවන්, සමෘද්ධියක් ගන්න පුළුවන්- කියල. අව්රුදු එකහමාරක් ගියා. ජනතාව අතරට ගිහිල්ලත් නැහැ. යූඇන්පී කාරයො හම්බවෙලත් නැහැ. අද එදාට වඩා යූඇන්පී කාරයො මළ පැනල ඉන්නෙ ජනාධිපතිවරය එක්ක.

 

මහා මැතිවරණයෙදි එදා යූඇන්පී එක කොලොන්නාව ආසනයෙන් ගත්තෙ ඡන්ද දෙදහස් හාරසීයයි. අද ඉල්ලන්න කියන්නකො ඡන්දෙ දාහක් ගනීද බලන්න.මිනිස්සු පන්සීයක් ගෙනත් රැස්වීමක් කරන්න කියන්න... රනිල් වික්‍රමසිංහ මහත්තය ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ අනේ...”

 

සම්පූර්ණ ප්‍රකාශය පහතින්...