SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දිශානතිය ගැන  මේ වෙද්දි  බරපතල ප්‍රශ්න රාශියක්ම මතුවෙලා තියෙනවා කියල ඔින්න ආයෙත් දැනගන්න ලැබුන.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ජේෂ්ඨයින් පිරිසක් මේ වනවිටත් ආණ්ඩුව සමග එක්වෙලා එකඟවෙලා  ඇමති තනතුරු ලබාගෙන තියෙනවා.  ඒ අය, අය වැය ඇතුළු ආණ්ඩුව ගෙන එන සියලු පනත් වලට පක්ෂයේ මතය කුමක් වුවත් ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව සිය ජන්දය භාවිතා කරනවා.

 

|ඒ අතරෙ පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු තවත් පිරිසක් තමන් විපක්ෂය නියෝජනය කරන බව පවසමින් ආණ්ඩුව ගෙන එන රටට අහිතකර  යෝජනා වලට විරුද්ධව ජන්දය දෙනවා. නැතිනම් එවන් තීරණාත්මක අවස්ථා මගහැර යනවා. මේ දෙබිඩි පිළිවෙල මැද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේද නැත්නම්  විපක්ෂයේද කියා නිවැරදි  ප්‍රතිපත්තිය නොදැන පාක්ෂිකයන් මේ වන විටත් අතරමං වෙලා ලු.

ඔය අතරතුර පක්ෂය තුළ තවත් බරපතල ප්‍රශ්න කිහිපයක්ද මතුව තියෙනවා ලු කියලයි ඔන්න අද වාර්තා වුනේ.

 

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ප්‍රබලයන් දවසින් දවස පක්ෂය හැරයාමට පටන් ගෙන තිබීම. උපන්ගෙයි ශ්‍රී ලංකාකාරයකු වූ  පක්ෂයේ ජේෂ්ඨ  උප සභාපති ශාන් විජයලාල් 2024 වසරේදී මුලින්ම සමගි ජන බලවේගය හා එක්වූ පුද්ගලයා වුනා. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රී  රටින් පිටට යන සෑම අවස්ථාවකදීම  වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරල  ගියේ ශාන්ව. ඒ තරමට මෛත්‍රීට හිතවත්වූ ශාන්ගේ හැරයාම පිටිපස්සෙ  ගාල්ලේම ආසන සංවිධායකවරයකුගේ ක්‍රියාකලාපය සහ තවත් සැඟවුණු කතා රාශියක් ඇති බවද ඔවුන්ගේ සමීපතමයෝ කියනවා. ශාන්ගේ හැර යාමෙන් පස්සෙ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායකයා සහ  හිටපු අමාත්‍යවරයක් වූ දයාශ්‍රිත තිසේරා සමගි ජන බලවේගය එක්ක  අත්වැල් බැඳ ගත්ත.

 

ඉතිං පහුගියදා (08) පක්ෂයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව රැස්වුනේත් මේ වගේව්‍යාකූල තත්ත්වයන් රාශීයක් තිබියදීලු.

 

"කවුරු ගියත් අපි පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙනි යනවා"

  මෛත්‍රී මධ්‍යම කාරක සභාවේ අසුන් ගත්තේම  එහෙම  කියමින්.

 

කිසිඳු පීඩනයක් ඔහු කාටවත් පෙන්වන්න ගිහින් නෑ. ඒ අතරෙ පක්ෂය හැරගිව අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුබවට හිටපු පළාත් සභා ඇමතිවරයෙකු වූ හෙක්ටර් බෙත්මගේ යෝජනාවක්  ගෙන ආව. ඒ  යෝජනාවට කිසිවකු විරුද්ධ නොවී  ඒකමතිකව සම්මත වුනාලු. ඉදිරි මැතිවරණය සදහා සන්ධානයක් යටතේ තරග කිරීමටත් එහිදී  තීරණය කරල.

 

එදින මධ්‍යම කාරක සභා සාකච්ඡාවේ තවත් විශේෂී කාරණයක් කතා උනාලු..

 

"අද එක්සත් ජනතා නිදහස් සන්ධානයට අලුත් ලේකම්වරයෙකු පත්කර ගන්නවා. මහින්ද අමරවීරව අපි එතනට ගේනවා..."

 

\ආණ්ඩුව සමඟ එක්වී ඇමතිකම්ගත්, නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න මෙන්ම අමරවීර පාර්ශවයද මේ කතාවට, තම තමන්ගේ හිතවතුන් අතර විශාල ප්‍රසිද්ධියක් ලබා දීල  තිබුණ.

 

|සමහරු  නම්  අලුත් ලේකම්වරයා සමග සෙල්ෆි ගහන්නත්  ගත්තලු.

අමරවීරට සුබ පතල  තමන්ගේ මුහුණු පොත්වල ඇතැමුන් සටහන් තබල.. නමුත් මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රී ඉඳල තියෙන්නෙ  වෙනස්ම අදහසකලු. ඒ හින්ඳ තිලංගට ඉල්ලා අස්වෙන්න කියල  මෛත්‍රී නොකියන්න වග බලා ගත්තලු.

 

"මෙතන නඩුවක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව මට කැඳවන්න බලයක් නැහැ කියලා මට විරුද්ධව අමරවීර ඇමතිතුමා නඩුවක් දාලා තියෙනවා.

සන්ධානයේ ලේකම්ධූරය ගැන මොන තීරණය ගන්නත් කලින් අමරවීර ඇමතිතුමා නඩුව ඉල්ලා අස්කර ගන්න ඔින”.

මෛත්‍රී අමරවීරට තරමක විධාන ස්වරයකින් කියල.

 

“නඩුව ඉල්ලා අස්කර ගත්තට පස්සේ   තිලංගයි, අමරවීරයි එකතුවෙලා ලේකම් ධූරය ගැන කතා කරලා තීරණයකට එන්න...”

මෛත්‍රී  එහෙම කියලා සන්ධානයේ ලේකම්ධූරයේ ගැටළුව ඉවර කරන්න හැදුවත් ලසන්ත අලගියවන්න,නිමල් සිරිපාල, ජගත් පුෂ්පකුමාර විවිධ ආකාරයේ තර්ක විතර්ක ගෙනල්ල  අමරවීර අද දිනයේ සන්ධානයේ ලේකම් කලයුතු බවට මෛත්‍රීට බලපෑම් කරන්න වුනාලු.

 

මෛත්‍රී කියන්නෙ ඉතිං  89 පාර්ලිමේන්තුවට ඇවිත්  ඇමති තනතුරු ගණනාවක් දරල  මහින්ද රාජපක්ෂට විරුද්ධව ජනාධිපතිවරණයෙන් ජය අරගෙන  මේ රටේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරපු දේශපාලනයේ හොදින් තෙම්පරාදු වූවෙක්.

 

|සන්ධානයේ ලේකම් ධූරය ලබා ගැනීමට අමරවීරලා දත කන්නේ මීලග ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් ගෙන ඒම අමරවීරලා නියෝජනය කරන ලංසා පිලට, රටේ ජනතාව දන්නා ලකුණක් ඇති ජයග්‍රහණයන් ලබා ඇති බුලත් කොලය හේත්තු කිරීමට කියල මෛත්‍රිට ඒත්තු ගොස් තිබූන කියලයි  ඔහුගේ සමීපතමයන්ගේ අදහස වෙලා තිබිල තියෙන්නෙ. ඒ නිසා මෛත්‍රී තිලංග ඉවත් කිරීමට එකග නොවෙමින්  අමරවීරට නඩුව ඉල්ලා අස්කර ගන්න කියල  නැවත නැවතත් කිව්වලු. මෛත්‍රීගේ අදහසට නිමල් සිරිපාල කැමති වූයේම නැතිලු.

 

තමන්ගේ දේශපාලන ගමන ඉදිරියට ගෙනයාමට පක්ෂයක් හෝ ප්‍රබල සන්ධානයක් අවශ්‍ය බව ඇමති නිමල් ඇතුළු පිරිස දැනගෙන හිටියලු . එවිට ඔහුගේ මතකයට ආවේ ලසන්ත අලගියවන්නට බලය ඇති පොදුජන එක්සත් පෙරමුණය. ලකුණ වුනේ කව්රුත් දන්න කියන  පුටුව.  

 

"අපි බුලත් කොලයෙන් බැරිනම් පුටුවෙන්හරි සන්ධානයක් හදනවා"

නිමල් කාටත් ඇහෙන්න තරහින් කියල.

 

කොහොම උනත් මධ්‍යම කාරක සභාවේදී තීරණය කරගත් පරිදි සන්ධානය ගොඩනගන්නේ කොහොමද  කියන ප්‍රශ්නය මේ වන විටත් විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් වෙලා තියෙනවාලු.

 

නිමල්, අමරවීර,ලසන්ත,ජගත් ඇතුලු කණ්ඩායම  තමන් පැමිණි කාරණාව ඉටුකර ගැනීමට නොහැකි වීම ගැන එකිනෙකා අතර මෛත්‍රීට දොස් කියා ගනිමින් රැස්වීමෙන් නැගිටල ගිහිල්ල..

ඒ ගැන පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් මහින්ද අමරවීර මෛත්‍රීපාලව දැඩි ලෙස විවේචනය කරල  විතරක් නෙවෙයි පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල එක්කත් අමරවීර  ඇමතිවරයා විසින් මෛත්‍රීව දැඩිලෙස විවේචනය කරල  තමන් නඩුව ඉල්ලා අස්කර නොගන්නා බවට තග දාල තියෙනවාලු . ඉතිං මේව වැඩි වෙලාවක් යන්න කලින් මෛත්‍රී ලොක්කගෙ කණටත් ගිහින්ලු.

 

"එදා මම අමරවීරලට ඕන දේ කරන්න  අනුබල නොදුන් එක හොඳයි. දැක්කනේ මිනිහා කියලා තියෙන දේවල් ...." මිනිහා හදන්නේ මේක ගෙඩිය පිටින් රනිල්ට හේත්තු කරන්න...

මාව  ජනාධිපති අපේක්ෂකයා විදියට නම් කරනවට විරුද්ධ වුනෙත් ඔය අයම තමයි. දැන් එයාලගේ සැලැස්ම පැහැදිලිනේ”

 

බැරිම තැන මෛත්‍රී ලොක්ක  තමන්ට සමීප සෙට් එකක් එක්ක කියල තියෙන්නෙ ඔහොමයිලු.

#Gossip