SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් දවස් කිහිපයකට කලින් ජනාධිපති මාධ්‍ය අංශය නිවුස් එකක් ප්ලාන්ට් කළ බවත්,

එක්සත් ජාතික පක්ෂයේ කළමණාකරන කමිටුව සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණය තියන බවත් ලබන අව්රුද්දේ මාර්තු  මාසෙ පාර්ලිමේන්තු මැතිවරණය තිබෙන බවක් එයින් කියා ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

 

මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කළමණාකරන කමිටුව  ඒක තීරණය කරන්නේ කොහොමද? ඔවුන් කව්ද  කියාය.

 

|කව්ද මේ ගොල්ලො? ජනාධිපතිවරණය තීරණය කරන්නෙ මැතිවරණ දෙපාර්තමේන්තුව.

ඊට පස්සෙ ඡන්දෙන් පත්වන ජනාධිපතිවරයා තමයි පාර්ලිමේන්තු මැතිවරණය තියන එක තීරණය කරන්නෙ. පිනට ආපු ජනාධිපතිට, ජනමතයක් නැතිව ආපු ජනාධිපතිට  ඒක තීරණය කරන්න බෑ.

ජනාධිපතිට ජනමතයකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙ කළමණාකරන කමිටුවෙ ඉන්න හැමෝම ඡන්ද පැරදිච්ච කට්ටිය...

ජනාධිපතිවරයට බෑ එයා ඡන්දෙට එන්නෙ නැහැ කියල කියන්න. මොකද ඒක කිව්වොත් පහුවදා ඉඳල වැඩකරන්න බැරි වෙනව...”

 

මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී කළ  සම්පූර්ණ  ප්‍රකාශය පහත වීඩියෝවෙන්...