SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වරාය අධිකාරියේ වියදමින් මන්ත්‍රීවරු 50කට පමණ වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ මැදිහත්වීමෙන්

නැව් සාදයක් පැවැත්වීම පළවු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්  ඔහු ඊයේ  (11) මාධ්‍ය වෙත  කරුණු අනාවරණය කර තිබුණේ මෙසේය.

 

"පහුගිය කාලයේ අරගල කරලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියපු අය තමයි මේ කුමන්ත්‍රණය කළේ. වරාය සභාපතිවරයට දැනුම් දුන්නා මේ වීඩියෝ ගතකල කෙනා ගැනපරීක්ෂණයක් කරන්න කියලා.

 

|වෘත්තීය සමිති පුම්බන්න මේ වැඩ කරන්න රතු අයියලාට කියනවා කුහකයෝ කන්නෙ බොන්නේ නැති වුනාට අපි කනවා බොනවා. මේවා පල කළ මාධ්‍ය මේවාගේ සත්‍ය අසත්‍ය හොයලා බලන්න ඕන. අවසරයක් නැතිව උඩට ඇවිත් වීඩියෝ කරලා තියෙන්නේ.

 

අපි හඳුනාගෙන තියෙනවා කව්ද මේක කරලා තියෙන්නේ කියල. ඔහුගේ සේවයත් අත් හිටුවන්න තීරණය කළා. මේ ආකාරයෙන් මුදල් ගෙවලා යන්න සංචාරකයින්ටත් අවස්ථාව ලබාදෙන්න කටයුතු කරනවා. සම්පූර්ණ වියදම ලක්ෂ තුනක් විතර.

 

|මන්ත්‍රීවරුන් ඉල්ලපු දෙයක් මම කළේ. අහක යන කුණු ගොඩක් මට පාත් වුණේ.” 

 

මේ අතර එම අවස්ථාව වීඩියෝ ගතකළ තැනැත්තා ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙසද වරාය සභාපතිවරයාට දැනුම් දුන් බවත්  රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.