SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පවතින තත්වය යටතේ ජනාධිපතිවරණයක් මුලින්ම පැවැත්වුවහොත් ජාතික ජන බලවේගයේ නායකයා වැඩි ප්‍රතිශතයක් ලබාගන්නා පසුබිමක් තුළ

මුලින් ම මහා මැතිවරණයක් පැවැත්විය හැකි බවත් ජනාධිපතිවරණය පවත්වන්නේ ඉන් අනතුරුව බවත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී ඇත.

මහා මැතිවරණයක් පැවැත්වීමේදී ඉන් වැඩි වාසිය ජවිපෙට අත්විය හැකි වුව ද සමගි ජන බලවේගයට ද වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගත හැකි බව ඔහු දනී.

|නමුත් තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටවිය නොහැකි තත්වයක් තුල රනිල් බලාපොරොත්තු වන්නේ සුළු ජාතික පක්ෂ වල බලපෑම තුලින් දිගටම ජනාධිපතිවරයා ලෙස රැඳෙමින් දෙසැම්බරයේ පමණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි.

ජනාධිපතිවරයා එය ඉටුකරාවිදැයි විශ්ලේෂනය කිරීමේදී මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් ඇතිවන අර්බූධය හමුවේ ප්‍රභූ දේශපාලනය රැක ගැනීම වෙනුවෙන් ඔහු දිවිහිමියෙන් සටන් වදිනු ඇති බව ඔවුන්ගේ මතය වී ඇත.

|කෙසේ වුවද මහා මැතිවරණයකට අදාළ පසුබිම සකස් කිරීමේදී සමගි ජන බලවේගයේ ප්‍රතිශතය අඩු කිරීමටත් දෙමළ මුස්ලිම් පක්ෂ නායකයින් සජබයෙන් ගලවමින් එම අවස්ථාවෙන් බලය උදුරාගැනීමත් වික්‍රමසිංහ දේශපාලනයේ අරමුණ වී ඇති බවත් විශ්ලේෂකයින් වැඩිදුරටත් ඉදිරිපත් කරයි.

මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටින්නේ තවත් මාස කිහිපයක් තුළ ආණ්ඩුවට තම බහුතරය අහිමි වෙනු ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට සමගි ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් ය.

ඔහු කියන්නේ ආණ්ඩුවට 113ක බහුතර බලය අහිමි වීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවද පැවසු ඔහු ඒ අනුව ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් කැඳවනු ඇතැයි විශ්වාස කරන බවත් කියයි.

|කෙසේ හෝ ජනාධිපතිවරණයට තමා තරඟ කරන බවට වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන යන මතය සත්‍යයක් නොවන බවත් මහා මැතිවරණයක් පැවැත්වීම තුළින් සමාජය තුළ පවතින ආණ්ඩු විරෝධී රැල්ල ජාතික ජන බලවේගයට යෑම වැලැක්වීම ප්‍රධාන අරමුණ වී ඇත.