SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති # නිදහස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබේ.

ජාතික පොලිස් කොමිසම නිදොස් කොට නිදහස් කිරීම නිල වශයෙන් පොලිස් මූලස්ථානයට ලිඛිතව දැනුම් දුන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදාය.

 

ඊට අදාළ වාර්තාවේ පිටපත් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද යොමුකර තිබේ.

එකල බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක සහ නිලන්ත ජයවර්ධන (හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා) යන නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබුණේ එයපාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙනි.

 

පතිනායක චෝදනාවකට හසු කිරීම කුමන්ත්‍රණයක් ?

 

චෝදනා පත්‍ර නිකුත් කර, ස්ථාන මාරුවීම් ලබාදී, මූලික පරීක්ෂණ ආරම්භ කරද්දී, පරීක්ෂණ අතරමග නතර විය.

කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම මෙම පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දන්වමින්, දැනුම්දීම් සිදුකරමින් සිය කටයුතු කරගෙන ගියේය.

 

|පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා ජනාධිපති කොමිසම පාස්කු ප‍්‍රහාරය වැළැක්වීමේ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට යළිත් වරක් චෝදනා එල්ල කළ අතර, ඒ අනුව ත්‍රිපුද්ගල මණ්ඩලයක් විසින් නව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලදී.

 

ජාතික පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී. පෙරේරා කියාසිටියේ සිවිල් නිලධාරීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විමර්ශන සිදුකරන බවයි.

කෙසේවෙතත් අදාළ වාර්තාවට අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා නිදොස් කොට නිදහස් කර ඇත.

 

 

චෝදනා රහිත එකම ජ්‍යෙෂ්ඨ නිළධාරියා..

 

ඔහු දැනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරයි.

විමර්ශන අවසන් වූ පසු චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අනෙකුත් නිලධාරීන් පිළිබඳ වාර්තාව කමිටුව විසින් ඉදිරිපත් කරන බවද ඇය පැවසුවාය.

 

|ඒ අනුව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන චෝදනා විරහිත ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ, ලලිත් පතිනායක ය.

 

එකම දිනයේ සේවයට බැඳුණු, එහෙත් ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධනට මෙන්ම, දැනට වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් හටද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මෙන්ම තවත් චෝදනාද එල්ලවී ඇත.

 

@ceylonwire.lk