SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද පාර්ලිමේන්තුවේදී රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අතුරු ප්‍රශ්නයක් යොමු කරමින්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසුවේ මේ වනවිට ෆුඩ් සිටි 5දදක් පාරිභෝගිකයන් නැති කමින් වසා දමන්නට තීරණය කර ඇති බවයි.

 

“මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය හෝ මේ වැට් බද්ද වැඩි වීම සහ ඛාන්ඩ 97කට අලුතින් වැට් බද්ද පැනවීමෙන් අපේක්ෂිත ආදායමක් තියෙනවා. මේ අපේක්ෂිත ආදායම ගන්නෙ ජනතාව ජනතාවගෙන්. එතකොට ඒ සම්බන්ධව පුරෝකථනයක් ඇතිව තමයි මේක 18%ද 15% ද කියල, ඛාන්ඩ 97ක්ද කියල දාන්නෙ.

 

|දැන් ඇමතිතුමා මේ දේවල් කිව්වට අද ප්‍රවෘත්තියක් තියෙනවා ෆුඩ් සිටි 500ක් වහන්න යනව කියල. 75%ක් පාරිභොගිකයො අඩුවෙලා තියෙන්නෙ. එතකොට ඇමතිතුමා කිව්වට මේ මේ ඛාන්ඩවල මිළ වැඩිවෙලා නැහැ කියලා  මිළ වැඩිවෙච්ච ඛාණ්ඩ ටික කියන්නෙ නැහැ.

 

එතකොට මිළ වැඩිවෙච්ච ඛාන්ඩ මිළදී ගන්න ජනතාවගේ මිළදීගැනීමේ හැකියාව නැතිවෙලා තියෙන්නෙ.

 

|ඔබතුමා පැහැදිලිව කියන්න ලක්ෂ 24ක් අස්වැසුම දෙනව කියන්නෙ මිනිස්සු හිඟන්නො වෙලා තියෙනව කියන එක. හිඟන්නො කරල තියෙනව කියන එක. ලක්ෂ 24කට අස්වැසුම දෙනවය කියන්නෙ පවුලක මිළදීගැනීමේ හැකියාව බැහැල තියෙනව කියන එකයි.”

ඒ ගාන කීයද?